April 24, 2024

රොනාල්ඩීනෝ සිරගත කිරීමේ අවදානමක

November 25, 2021

හිටපු පෙම්වතියක සමඟ නඩත්තු ගෙවීමේ ආරවුලක් හේතුවෙන් ඔහුව නැවත සිරගත කළ හැකි බවට හිටපු බාර්සිලෝනා සහ බ්‍රසීල ක්‍රීඩක රොනාල්ඩීනෝට අනතුරු අඟවා ඇතැයි වාර්තා වෙනවා.

බ්‍රසීලයේ වාර්තාවලට අනුව, 41 හැවිරිදි රොනාල්ඩීනෝට ඔහුගේ වත්කම් අත්පත් කර ගැනීම සහ සිරගත වීම වළක්වා ගැනීම සඳහා දෙසැම්බර් 1 වනදා ප්‍රිසිලා කොයිලෝ සමඟ ඇති ණය පියවීමට නියෝග කර තිබෙනවා.

ප්‍රිසිලාගේ නීතීඥ බෲනෝ මෙඩ්‍රාඩෝ බ්‍රසීලයේ එක්ස්ට්‍රා පුවත්පතට පැවසුවේ “දැන් ඔහුට ගෙවීමට සිදුවේ” යනුවෙනි.

රොනාල්ඩීනෝ සොයා ගැනීමට අසාර්ථක උත්සාහයන් ගණනාවකට පසු, නිලධාරීන් ඔහුට උසාවි සිතාසියක් ලබා දුන් අතර, නොවැම්බර් 11 වන දින නඩත්තු ගෙවීමේ අවසාන දිනය පිළිබඳව ඔහුට විධිමත් ලෙස දැනුම් දී තිබෙනවා.

ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සමඟ පැරගුවේ දේශයට පියාසර කිරීමෙන් පසු ගිය වසරේ එහි දී අත්අඩංගුවට ගෙන සිරගත කරන ලද හිටපු බාර්සිලෝනා ක්‍රීඩකයා මේ වන විට ඩුබායි හි සිටින බවට විශ්වාස කෙරෙනවා.

රොනාල්ඩීනෝ සහ ඔහුගේ සොහොයුරා පසුගිය වසරේ මාර්තු මාසයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ ඔවුන් පැරගුවේ පුරවැසියන් බව වැරදි ලෙස පෙන්නුම් කරමින් ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර සමඟ ඔන්ලයින් කැසිනෝවක් දියත් කිරීම සඳහා පැරගුවේට ඇතුළු වීමෙන් පසුවයි.

ඔහු සිය 40 වැනි උපන්දිනය සිරගතව ගත කළ නමුත් පසුව නිවාස අඩස්සියේ ගනුදෙනුවක කොටසක් ලෙස පැරගුවේ අගනුවර තරු හතරේ හෝටලයකට යාමට ඔහුට අවසර ලැබුණා.

පැරගුවේ හි මාස හයකට ආසන්න කාලයක් බලහත්කාරයෙන් රැඳී සිටීමෙන් පසු ඔහු සහ ඔහුගේ සහෝදරයා වන රොබර්ටෝ ඩි ඇසිස් මොරේරා 2020 අගෝස්තු අවසානයේ නැවත බ්‍රසීලයට පැමිණ තිබෙනවා.

ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර වංචාව සම්බන්ධයෙන් ඔවුන් නඩු විභාගයට නොගන්නා බව ඔවුන්ට දන්වන ලද අතර, විනිසුරුවරයෙකු විසින් අනුමත කරන ලද රජයේ අභිචෝදකයින් සමඟ ගනුදෙනුව විසඳා ගැනීමට ඔවුන්ගේ නීතිඥයාට හැකි වුණා.

රොනාල්ඩීනෝට සහ ඔහුගේ සොහොයුරාට පවුම් 153,000 ක පමණ වන්දියක් ගෙවීමට නියෝග කෙරුණු අතර, රොනාල්ඩීනෝට මුළු මුදලින් පවුම් 68,000 ක් සහ ඔහුගේ සහෝදරයාට ඉතිරි මුදල ගෙවිය යුතු වුණා.

උපුටාගැනීම - https://www.joe.co.uk/

Rate this item
(0 votes)