April 16, 2024

හැමෝම කතා වුණ ධනාගේ අමුතු දැවී යාම (VIDEO)

November 22, 2021

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදින පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද (22) උදෑසන ආරම්භ වූවා.

දිනය ආරම්භවන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් පිටියේ රැඳී සිටි ධනංජය ද සිල්වා ලකුණු 56ක් ද නායක දිමුත් කරුණාරත්න ලකුණූ 132ක් ද ලබා සිටියා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා සිව්වැනි කඩුල්ල ලෙස ධනංජය ද සිල්වා දැවී ගිය අතර ඔහු දැවී ගිය ආකාරය විශේෂ අවධානයකට යොමු වූවා.

එම අවාසනාවන්ත දැවී යාම සිදු වූයේ ෂැනන් ගේබ්රියල් යැවූ 95 වැනි පන්දුවාරයේ තුන්වැනි පන්දුවේ දී යි.

එම පන්දුවට ධනංජය පහරක් එල්ල කළ නමුත්, පන්දුව පොළවෙහි ගැටී පන්දුව කඩුල්ල දෙසට පොළා පැන්නා.

ඒ හේතුවෙන් කඩුල්ල බේරා ගැනීම පිණිස ධනංජය පන්දුවට යළිත් වරක් පහර දීමට උත්සහ දැරුවා.

කෙසේ වෙතත් එම උත්සාහය අසාර්ථක වූයේ ධනංජයගේ පිත්ත කඩුල්ලේ වැදීමත් සමගයි.

"හිට් විකට්" අයුරින් ධනංජය එලෙස දැවී යන විට ඔහු ලකුණු 61ක් ලබා සිටියා.

අදාළ අවස්ථාව දැක්වෙන වීඩියෝව පහතින්...

නරඹන්න:

Rate this item
(0 votes)
Last modified on Monday, 22 November 2021 18:53