March 29, 2024

කොදෙව් - ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයේ දී රන්ජන් මඩුගල්ලේගෙන් ද්විත්ව ශතකයක්

November 22, 2021

කොළඹ රාජකීය විදුහලන් ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වී වසර 9ක් ජාතික පිල නියෝජනය කොට පසුව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දක්ෂ පරිපාලකයකු සහ ජගත් ක්‍රිකට් කවුන්සිලයේ තරඟ තීරකවරුන්ගේ ප්‍රධානී රංජන් මඩුගල්ලේ මහතා නව ලෝක වාර්තාවක් පිහිටුවූවා.

ඒ දින පහේ ටෙස්ට් ක්‍රිකට් තරඟ 200ක තරඟ තීරකවරයකු ලෙස කටයුතු කළ පළමු තීරකවරයා ලෙස ඉතිහාසගත වෙමින්.

62 හැවිරිදි මඩුගල්ලේ මහතා ඊයේ මේ වාර්තාව පිහිටු වූයේ ශ්‍රී ලංකා - කොදෙව් පළමු ටෙස්ට් තරඟයේ තරඟ තීරකවරයා ලෙස කටයුතු කරමින් වීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් තරඟයට ක්‍රීඩා කළ රංජන් මඩුගල්ලේ මහතා ටෙස්ට් ක්‍රිකට් නායකයකු ලෙසද කටයුතු කළා.

රන්ජන් මඩුගල්ලේ මහතා අන්තර්ජාතික එක්දින තරඟ 369ක, විස්සයි 20 අන්තර්ජාතික තරඟ 125ක, ලෝක කුසලාන එක්දින තරඟ 14ක, ලෝක කුසලාන විස්සයි 20 තරග 8ක, තරග තීරකවරයකු ලෙස කටයුතු කර තිබෙනවා.

මඩුගල්ලේ මහතාගේ සේවය අගයමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඔහුට සමරු තිළිණයක් ප්‍රදානය කරනු ලැබුවා.

Rate this item
(0 votes)
Last modified on Monday, 22 November 2021 15:51