April 18, 2024

පළමු තරගය මැද සිදුවූ අවාසනාවන්ත අනතුර (VIDEO)

November 22, 2021

බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ ශ්‍රී ලංකා සංචාරයට අදාළව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ඊයේ (21) ආරම්භ වූවා.

තරගයේ පළමු දිනයේ දීම පිටිය මධ්‍යයේ අවාසනාවන්ත අනතුරක් සිදුවීම කැපී පෙනෙන සිදුවීමක් බවට පත් වුණා.

මෙලෙස අනතුරට භාජනය වූයේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ජෙරමි සොලොසානෝ යි.

පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න එල්ල කළ පහරකින් පන්දුව හිසෙහි වැදීමෙනුයි ඔහු අනතුරට පත් වූයේ.

අනතුරත් සමග බිම ඇදවැටුණු සොලොසානෝ වහාම රෝහල්ගත කිරීම සිදු කෙරුණා.

ඔහු මෙලෙස අනතුරකට ලක් වූයේ සිය මංගල ජාත්‍යන්තර ටෙස්ට් තරගයේ දී වීම ද විශේෂත්වයක්.

මේ අතර සොලොසානෝ ස්කෑන් පරීක්ෂණයකට භාජනය කළ බවත් ඔහුගේ හිස්කබලට හානි සිදුවී නොමැති බවත් බටහිර ඉන්දීය කොදෙව් බලධාරීන් නිවේදනය කළා.

කෙසේ වෙතත් වෛද්‍යවරුන් ඔහුගේ තත්ත්වය සමීපව අධ්‍යනය කරමින් පසුවන බව වාර්තා වූවා.

ඒ අනුව මෙම තරගය ඔහුට අහිමි වී යනු ඇති.

තරගයේ පළමු දිනය ගැන සියළු තොරතුරු සහ විශේෂ අවස්ථා වීඩියෝව සඳහා පහත සබැඳිය ක්ලික් කරන්න..

දිමුත්, නිස්සංක සහ ධනංජය ගාලු පිටියේ වැඩ පෙන්වයි!

Rate this item
(3 votes)
Last modified on Monday, 22 November 2021 09:28