April 24, 2024

ලෝක ආරක්ෂක සේවා මල්ලවපොර තරඟාවලියට ශ්‍රී ලංකාවෙන් 7ක්

November 19, 2021

35 වැනි ලෝක ආරක්ෂක සේවා මල්ලවපොර තරඟාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ ඉරානයේ ටෙහ්රාන් නුවර බලා පිටත්ව ගියා.

එම මල්ලවපොර කණ්ඩායමට ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩකයන් සිව්දෙනකු සුදුසුකම් ලබා සිටිනවා. තරඟාවලිය අද (19) සිට 26 දක්වා ඉරානයේදී පැවැත්වෙනවා.

කණ්ඩායම් නායකයා ලෙස ගෘෘප් කපිතාන් එරන්දික ගුණවර්ධන කටයුතු කරනවා.

උදාර ප්‍රනාන්දු (කි.ග්‍රෑ. 61), ලක්මාල් විජේසූරිය (කි.ග්‍රෑ. 74), නිෂාන් වල්පිට (කි.ග්‍රෑ.92) සහ රුවන් කල්යාන (කි.ග්‍රෑ.125) බර පන්ති යටතේ තරඟාවලියට එක් වී සිටිනවා.

මල්ලවපොර කණ්ඩායමේ ප්‍රධාන නිලධාරී ලෙස එයාර් කොමදෝරු උදුල විජේසිංහ සහ ප්‍රධාන පුහුණුකරු විජේසිරි ප්‍රනාන්දු මහත්වරු ද කණ්ඩායමට ඇතුළත් වෙනවා.

පසුගියදා ගුවන් හමුදා මූලස්ථානයේදී මල්ලවපොර කණ්ඩායම හමු වූ ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතා සිය සුබ පැතුම් එක් කළා.

Rate this item
(0 votes)