April 23, 2024

2026දී  T20 ක්‍රිකට් ලෝක කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට

November 17, 2021

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් 2024 වසරේ සිට 2031 වසර දක්වා වන කාලයට අදාළ අයිසීසී ප්‍රධාන තරඟාවලි සඳහා සත්කාරකත්වය දෙන රටවල් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට වසර 2026දී පැවැත්වෙන 9 වැනි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සම සත්කාරකත්වය හිමි වුණා.

ඒ අනුව විස්සයි20 ලෝක කුසලාන තරඟාවලියක් සඳහා ශ්‍රී ලංකාව සත්කාරකත්වය දෙන දෙවැනි අවස්ථාව මෙය වනවා. මින් පෙර 2012 විස්සයි20 තරඟාවලියේදී ද ශ්‍රී ලංකාව සත්කාරකත්වය දැරුවා.

එම වසර 8 තුළදී අයිසීසී තරඟාවලි 8ක් පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා රටවල් 14ක් සත්කාරකයන් ලෙස කටයුතු කරන බව අයිසීසීය නිවේදනය කළා.

ඊට අයිසීසී පූර්ණ සාමාජිකත්වය හිමි රටවල් 11ක් සහ ටෙස්ට් වරම් හිමිව නැති රටවල් 3ක් ද ඇතුළත්ව තිබීම විශේෂත්වයක්.

මේ වසර 8ක කාලය තුළ එක්දින ලෝක කුසලාන තරඟාවලි දෙකක්, විස්සයි20 ලෝක කුසලාන තරඟාවලි 4ක් සහ ශූරයන්ගේ කුසලාන තරඟාවලි 2ක් පැවැත්වීමට නියමිත‍යි. මේ සත්කාරක රටවල් අතරට පළමු වරට අමෙරිකාව සහ නැමීබියාව ඇතුළත් වීම විශේෂත්වයක්.

2024-2031 තරඟාවලි සහ සත්කාරක රටවල්

2024 ජූනි: විස්සයි20 ලෝක කුසලානය - අමෙරිකාව හා බටහිර ඉන්දීය කොදෙව් දූපත්

2025 පෙබරවාරි: ශූරයන්ගේ කුසලානය - පාකිස්තානය

2026 පෙබරවාරි: විස්සයි20 ලෝක කුසලානය - ශ්‍රී ලංකාව හා ඉන්දියාව

2027 ඔක්තෝබර්/නොවැම්බර්: එක්දින ලෝක කුසලානය - දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ සහ නැමීබියාව

2028 ඔක්තෝබර්: විස්සයි20 ලෝක කුසලානය - ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය

2029 ඔක්තෝබර්: ශූරයන්ගේ කුසලානය - ඉන්දියාව

2030 ජූනි: විස්සයි20 ලෝක කුසලානය - එංගලන්තය, අයර්ලන්තය සහ ස්කොට්ලන්තය

2031 ඔක්තෝබර්/නොවැම්බර්: එක්දින ලෝක කුසලානය - ඉන්දියාව සහ බංග්ලාදේශය

Rate this item
(0 votes)