April 20, 2024

ශ්‍රී ලංකාව වෙනුවෙන් ICCය තැනූ විශේෂ වීඩියෝව මෙන්න (VIDEO)

November 10, 2021

2021 පන්දු වාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් භාගය මේ දිනවල ගෙවී යමින් පවතිනවා.

අද දිනයේ අවසන් පූර්ව වටය ඇරඹෙන අතර තරගාවලිය තුළ තවත් ඉතිරිව ඇත්තේ තරග 03ක් පමණ යි.

සුපිරි 12 දෙනාගේ වටයෙන් නතර වීමට සිදුවූ ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පැමිණීමට අවස්ථාව උදා නොවුණත්, මෙවර තරගාවලියේ අමතක නොවන කණ්ඩායමක් ලෙසට නමක් තැබීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට හැකි වූවා.

මේ අතර තරගාවලියේ අවසානය ලඟා වීම නිමිති කොට ගෙන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් කෙටි වීඩියෝවක් සකස් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන ගමන ලෙස නම් කොට ඇති මෙහි, මෙම තරගාවලිය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ විශේෂ අවස්ථා ඇතුළත් කොට තිබෙනවා.

අදාළ වීඩියෝව පහතින්..

Rate this item
(13 votes)
Last modified on Wednesday, 10 November 2021 12:02