April 23, 2024

පළමු තරගයේ බින්දුවට දැවී ගිය අගමැති පුතා රෝහිත අද කණ්ඩායමෙන් එළියට

අද (31) ගුවන් හමුදාව සමග පැවැත්වෙන ක්‍රිකට් තරගය සඳහා වූ කණ්ඩායමෙන් අග්‍රාමාත්‍ය බාල පුත් රෝහිත රාජපක්ෂ ඉවත් කර තිබෙනවා.

මේ වන විට එම තරගය කටුනායක ගුවන් හමුදා පිටියේ පැවැත්වෙනවා.

ප්‍රමුඛ පෙළ තරගාවලිය

ඒ ශ්‍රී ලංකා එක්දින ප්‍රමුඛ පෙළේ තරඟාවලියේ පැවැත්වෙන තරගයක් ලෙසයි.

රෝහිත රාජපක්ෂ සිය මංගල එක්දින තරගයට සහභාගි වූයේ ඉකුත් 27 වැනි දින යි.

ඒ නාවික හමුදාවට එරෙහිව යි.

පළමු තරගය

එහිදී ආරම්භක පිතිකරුවෙකු හැටියට ක්‍රීඩා කළ ඔහු පළමු පන්දු වෙන්ම දැවී ගියේ කිසිදු ලකුණක් නොලබාගෙන යි.

එම තරඟයේ දී රෝහිත රාජපක්ෂ දැවී ගියේ කඩුල්ල මුවා කිරීමේ වරදට යි.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 31 October 2021 12:35