April 20, 2024

තරගාවලියේ වැඩිම ලකුණු වාර්තාව සිංහයෝ අලුත් කරයි

මේ දිනවල පැවැත්වෙන 2021 වසරේ පන්දුවාර විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය තුළ කණ්ඩායමක් විසින් ඉනිමක දී මෙතෙක් රැස් කළ වැඩිම ලකුණු ගණන ඊයේ (20) වාර්තා වුණා.

මෙලෙස වැඩිම ලකුණු සහිත ඉනිමට හිමිකම් කීවේ ශ්‍රී ලංකාව යි.

අයර්ලන්තයට එරෙහිව ඊයේ පැවැති තරගයේ දී පන්දුවාර 20 තුළ ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණූ 171ක් ලබා ගත්තේ කඩුළු 07ක් පමණක් ලබා දෙමින්.

ශ්‍රී ලංකා පිතිකරුවන් හට මෙම ලකුණු ප්‍රමාණය වාර්තා කිරීමට හැකි වූ තීරණාත්මක සාධකය වූයේ ලකුණු 71කට දැවී ගිය වනිඳු හසරංග සහ ලකුණු 61කට දැවී ගිය පැතුම් නිස්සංක එක්ව ගොඩ නැගූ ලකුණු 123ක සබඳතාව යි.

එමෙන්ම නායක දසුන් ශානක වාර්තා කළ ලකුණු 21 ද එයට ඉවහල් වූවා.

මෙම තරගාවලිය තුළ මෙතෙක් ඉනිමක දී රැස් කළ වැඩිම ලකුණු ප්‍රමාණය ලබා ගත් කණ්ඩායම ලෙස මීට පෙර වාර්තාගතව තිබුණේ ස්කොට්ලන්තය යි.

පෙරේදා (19) පැවැති තරගයේ දී පැපුවා නිව් ගිනි කණ්ඩායමට එරෙහිව ස්කොට්ලන්තය පන්දුවාර 20 තුළ දී කඩුලු 09ක් දැවී ලකුණු 165ක් ලබා එම වාර්තාව තබාගෙන සිටියා.

Rate this item
(0 votes)
Last modified on Friday, 22 October 2021 10:00