March 29, 2024

ලෝක කුසලානය පෙනි පෙනී ශ්‍රී ලංකා ප්‍රබලයෙක් සංචිතයෙන් ඉවතට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙකුට ඉදිරි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මඟ හැරී ගොස් තිබෙනවා.

මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දී ඇත්තේ වේගපන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප්.

පසුගිය 07 වැනි දා පැවැති ඕමාන - ශ්‍රී ලංකා පළමු විස්සයි 20 තරගය අතරතුර ඔහුට සිදු වූ අනතුරක් හේතුවෙන් මෙම තත්ත්වය උදා වී ඇති බව යි වාර්තා වන්නේ.

එම තරගය අතරතුරේ පන්දු රකිමින් සිටිය දී නුවන් ප්‍රදීප්ගේ පාදයක කලවා ආශ්‍රිත පෙදෙසේ මස්පිඬු ඉරී යෑමකට ලක්වූවා.

මේවන විට අනාවරණය වී ඇත්තේ මෙම ආබාධය සුව වීම සඳහා අවම වශයෙන් සති 02 - 03ක කාලයක් අවශ්‍යවන බව යි.

ආබාධයට ලක් වීමට පෙර ඔහු එම තරගයේ දී ලකුණු 07කට කඩුළු 02ක් දවා ගැනීම ද විශේෂත්වයක්.

නුවන් ප්‍රදීප් ශ්‍රී ලංකාවට පැමිණ සිය ඉදිරි ප්‍රතිකාර කටයුතු සඳහා යොමු වීමට නියමිතව ඇති බව ද පුවත් ආරංචි මාර්ග සඳහන් කළා.

ප්‍රදීප් හට ලෝක කුසලාන තරගාවලිය අහිමි වී යද්දී එම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගීවන සංචිතය ඊයේ (10) නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළා.

ශ්‍රී ලංකා සංචිතය පිළිබඳ සම්පූර්ණ තොරතුරු සඳහා මෙතන ක්ලික් කරන්න

Rate this item
(0 votes)
Last modified on Monday, 11 October 2021 09:21