April 19, 2024

මහේලටත් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් කැඳවීමක්

September 14, 2021

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකරයෙකු ලෙස  ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන සම්බන්ධ කරගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබෙනවා.

මහේලගේ සහය ලබාගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයා බලන ලෙස ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන් විසින් ක්‍රිකට් කමිටුව වෙත ඉල්ලීමක් ද කර ඇති ඉවයි වාර්තා වන්නේ.

ලීග් ක්‍රිකට් තරඟාවලි රටාවේ මහේල ජයවර්ධන ඉතාමත් සාර්ථක පුහුණුකරුවෙකු බවට ලෝක ක්‍රිකට් ලෝලීන් අවිවාදයෙන් පිළිගන්නා කාරණයක්.

විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සහභාගී වන බොහෝ රටවල් සිය රට වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කළ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් උපදේශකවරුන් ලෙස සම්බන්ධ කරගනිමින් සිටින අවස්ථාවකයි මහේලටත් මෙම ආරාධනාව ලැබී තිබෙන්නේ.

මීට පෙර අවස්ථා කිහිපයක දීම ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකාරීත්වය ලබාගන්නා ලෙස මහේල බොහෝ පිරිසක් යෝජනා කර තිබුණත් ස්ථීර පුහුණුකරුවෙකු ලෙස සේවය කරන්නට තමන්ගේ අදහසක් නොමැති බවට මහේල විසින් පවසා තිබුණා.

Rate this item
(23 votes)
Last modified on Tuesday, 14 September 2021 09:44