April 20, 2024

ඉන්දියාවට අන්ත පරාජයක් - තරගාවලියේ ජය සිංහයින්ට

සංචාරක‌ ‌ඉන්දීය‌ ‌කණ්ඩායම‌ ‌සහ‌ ‌ශ්‍රී‌ ‌ලංකා‌ ‌කණ්ඩායම‌ ‌තරගවදින‌ ‌20විස්ස‌ ‌තරගාවලියේ‌ ‌තීරණාත්මක‌ ‌අවසන්‌ ‌තරගයේ ශ්‍රී ලංකා පිලිතුරු ඉනිම අවසන් වූවා.

 

ඒ ශ්‍රී ලංකාවට කඩුළු 07ක ජයක් අත් කර දෙමින්.

 

ඒ අනුව 20විස්ස තරගාවලියේ ද ජය වාර්තා කිරීමට යි ශ්‍රී ලංකාව සමත් වූයේ.

 

නියමිත පන්දුවාර 20 අවසානයේ ඉන්දීය පිතිකරුවන් ලකුණු 81කට සීමා කිරීමට අද දිනයේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වූවේ විශිෂ්ඨ දස්කම් පෙන්වමින්.

 

20විස්ස තරගයක දී ඉන්දියාව ලබා ගත් තෙවැනි අඩුම ලකුණු ගණන ද මෙය යි.

 

ඒ අනුව ලැබුණු ලකුණු 82ක ඉලක්කය කඩුළු 03ක් පමණක් දැවී සපුරා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූවා.

 

ඒ තරගයේ 15 වැනි පන්දු වාරයේ දී.

 

අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 12කටත් මිනෝද් භානුක ලකුණු 18කටත් දැවී ගියා. 

 

සදීර සමරවික්‍රම දැවී ගියේ ලකුණු 06කට යි. 

 

එම කඩුළු තුන බිඳවැටීමෙන් අනතුරුව පිටියට පිවිසි ධනංජය ද සිල්වා සහ වනිඳු හසරංග එක්ව තරගය ජයග්‍රහණය කරා ගෙන ගියා.

 

ධනංජය ලකුණු 23කුත් වනිඳු 14කුත් ලබා ගත්තා.

 

ඉන්දීය කණ්ඩායමේ බිඳ වැටුණු කඩුළු ගණන 08ක්.

 

තරගයේ පළමු පන්දුවාරයේ දීම නායක ශිකර් ධවාන්ගේ කඩුල්ල විඳවැටීමත් සමග ඉන්දීය කණ්ඩායමේ පසුබෑම පෙන්නුම් කළා.

 

ඔහු කිසිදු ලකුණක් ලබා ගත නොහැකි වූ අතර ඉන්දීය නායකයෙකු 20විස්ස තරගයක දී ලකුණු බින්දුවකට දැවී ගිය පළමු අවස්ථාව ලෙස ද එය ඉතිහාස ගත වුණා.

 

ධවාන්ගේ කඩුල්ල දවාගත්තේ දුෂ්මන්ත චමීර විසින්.

 

අද දින සිය 23 වැනි උපන්දිනය සමරන වනිඳු හසරංග වෙත සියල්ලන්ගේම අවධානය යොමු වූයේ ඔහු සිය 20විස්ස දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීම නිසයි.

 

ලකුණු 09කට ඔහු බිඳ හෙලූ කඩුළු ගණන 04ක්.

 

දුෂ්මන්ත චමීර සහ රමේෂ් මෙන්ඩිස් එක් කඩුල්ල බැගින් දවාගත්තා. 

 

නායක දසුන් ශානක කඩුළු 02යි.

 

එමෙන්ම දසුන් ශානක ඉතා අසීරු උඩ පන්දු කිහිපයක්ම රැක ගත් අයුරු දක්නට ලැබුණා.

 

ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙකු ලකුණු නොලබා දැවී ගිය අතර එක් ක්‍රීඩකයෙකු ලබා ගත් වැඩිම ලකුණු ගණන වූයේ 23ක්.

 

කුල්දීප් යාදව් එම ලකුණු 23 ලබා ගත්තා.

Rate this item
(0 votes)