March 28, 2024

ඉන්දියානුවන් දණ නමයි - වනිඳුගෙන් උපන්දින තෑග්ගක්

සංචාරක‌ ‌ඉන්දීය‌ ‌කණ්ඩායම‌ ‌සහ‌ ‌ශ්‍රී‌ ‌ලංකා‌ ‌කණ්ඩායම‌ ‌තරගවදින‌ ‌20විස්ස‌ ‌තරගාවලියේ‌ ‌තීරණාත්මක‌ ‌අවසන්‌ ‌

තරගයේ ඉන්දීය ඉනිම මීට සුළු මොහොතකට පෙර අවසන් වූවා.

 

නියමිත පන්දුවාර 20 අවසානයේ ඉන්දීය පිතිකරුවන් ලකුණු 81කට සීමා කිරීමට අද දිනයේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වූවේ විශිෂ්ඨ දස්කම් පෙන්වමින්.

 

20විස්ස තරගයක දී ඉන්දියාව ලබා ගත් තෙවැනි අඩුම ලකුණු ගණන ද මෙය යි.

 

ඉන්දීය කණ්ඩායමේ බිඳ වැටුණු කඩුළු ගණන 08ක්.

 

තරගයේ පළමු පන්දුවාරයේ දීම නායක ශිකර් ධවාන්ගේ කඩුල්ල විඳවැටීමත් සමග ඉන්දීය කණ්ඩායමේ පසුබෑම පෙන්නුම් කළා.

 

ඔහු කිසිදු ලකුණක් ලබා ගත නොහැකි වූ අතර ඉන්දීය නායකයෙකු 20විස්ස තරගයක දී ලකුණු බින්දුවකට දැවී ගිය පළමු අවස්ථාව ලෙස ද එය ඉතිහාස ගත වුණා.

 

ධවාන්ගේ කඩුල්ල දවාගත්තේ දුෂ්මන්ත චමීර විසින්.

 

අද දින සිය 23 වැනි උපන්දිනය සමරන වනිඳු හසරංග වෙත සියල්ලන්ගේම අවධානය යොමු වූයේ ඔහු සිය 20විස්ස දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීම නිසයි.

 

ලකුණු 09කට ඔහු බිඳ හෙලූ කඩුළු ගණන 04ක්.

 

දුෂ්මන්ත චමීර සහ රමේෂ් මෙන්ඩිස් එක් කඩුල්ල බැගින් දවාගත්තා. 

 

නායක දසුන් ශානක කඩුළු 02යි.

 

එමෙන්ම දසුන් ශානක ඉතා අසීරු උඩ පන්දු කිහිපයක්ම රැක ගත් අයුරු දක්නට ලැබුණා.

 

ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙකු ලකුණු නොලබා දැවී ගිය අතර එක් ක්‍රීඩකයෙකු ලබා ගත් වැඩිම ලකුණු ගණන වූයේ 23ක්.

 

කුල්දීප් යාදව් එම ලකුණු 23 ලබා ගත්තා.

 

ශ්‍රී ලංකා කණ්ඩායම වෙත ලකුණු 82ක පහසු ඉලක්කයක් හිමි වී ඇති අතර මෙම තරගය ජයගතහොත් ශ්‍රී ලංකාවට තරගාවලියේ ජය ද හිමි වන්නේ ඊයේ පැවැති තරගයේ ද ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් වූ නිසා යි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 29 July 2021 23:17