April 25, 2024

කණ්ඩායම තෝරන්න අමාරු නැහැ : ඉන්නේ 11යි - ඉන්දීය පුහුණුකරුගේ හිනා යන කතාව

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තුන්වෙනි හා අවසාන විස්සයි විස්ස තරගය අද සවස (29) පැවැත්වීමට නියමිතයි.

කෙසේ වෙතත් ඊයේ (28)පැවති තරඟය සඳහා ක්‍රීඩා කරන ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් 11 දෙනා ඉතාමත්ම පහසුවෙන් තෝරා ගත් බවයි පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ් සිනාසෙමින් මාධ්‍ය අමතා පවසා තිබෙන්නේ.

හරියටම ඉන්නේ ඒ ගාන විතරයි

ඒ මේ වන විට ඉතිරිව සිටින්නේ හරියටම ක්‍රීඩකයන් එකොළොස් දෙනෙකු නිසයි.

"කණ්ඩායමට 11 ක්‍රීඩා කරන්න ඕනේ.ඉන්නෙත් 11යි.ඒ නිසා කණ්ඩායම තෝරන අමාරු වුණේ නැහැ." ඉන්දීය පුහුණුකරු කියන්නේ ඔන්න ඔහොම කතාවක්.

කණ්ඩායමේ නමයක් ඉවතට

ශ්‍රී ලංකාවට පැමිණි කණ්ඩායම විසි දෙනකුගෙන් සමන්විත වන අතර ඉන් එක් ක්‍රීඩකයෙකු වන කුනාල් පාන්ඩේ හට කොවිඩ් ආසාදනය වීම මත ඔහුව ප්‍රතිකාර සඳහා යොමුකර තිබෙනවා.

ඒ සමගම ඔහුත් සමග ගැටුණු තවත් ක්‍රීඩකයන් 8 දෙනකු ඔහුගේ ආශ්‍රිතයන් සේ හදුනාගෙන ඔවුන්වද නිරෝධායනයටයි යොමු කර තිබෙන්නේ.

ඒ අනුව ක්‍රීඩකයන් 9දෙනකුම ඉවත්වීම මත අවසානයේ ඉතිරිව තිබෙන්නේ ක්‍රීඩකයන් 11 දෙනයි.

තවත් ක්‍රීඩකයෙකු කුනාල් පාන්ඩේගේ ආශ්‍රිතයෙකු හඳුනා ගැනුණේ නම් ඇතැම් විට 49 වන වියේ පසුවන රාහුල් ඩ්‍රාවිඩ් ටද සිය විශ්‍රාම දිවියට හිත තබා ක්‍රීඩා කරන්නත් සිදුවීමට ඉඩ තිබුණා.

සියල්ලන්ම සුදුස්සෝ

මේ ආකාරයට නවකයින්ට දිගින් දිගටම ජාත්‍යන්තර තරඟ වරම් ලබා දීම ඉන්දීය වර්ණ සහිත තොප්පිය හෑල්ලුවට ලක් කිරීමක් නොවේදැයි ප්‍රශ්නයකුත් මාධ්‍ය ඉන්දීය පුහුණුකරුට දමා තිබෙනවා.

"මේ ඇවිල්ල ඉන්න ක්‍රීඩකයන් 20ම ඉන්දියාව නියෝජනය කරන්න තෝරා ගත් අය.ඒ නිසා ඔවුන්ට ජාතික කණ්ඩායම නියෝජනය කරන්න අවස්ථාව ලබා දීමේ කිසිම වැරැද්දක් නැහැ."

Rate this item
(4 votes)
Last modified on Thursday, 29 July 2021 15:58