හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක මහතාගේ සභාපතිතත්වයෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විනය කමිටුව විසින් එංගලන්ත සංචාරය අතරතුර සිදු වු විනය විරෝධී ක්‍රියාව පිළිබඳව අද(29) විමර්ශනය ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
මෙහිදී එම විනය විරෝධි ක්‍රියාව සඳහා සම්බන්ධ වූ කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක යන ක්‍රීඩකයන්ව ප්‍රශ්න කිරීමට නියමිත නියමිත බවයි සඳහන් වන්නේ.
ඊයේ (28) දිනයේ දී මෙම ක්‍රීඩකයන් තිදෙනාව විමර්ශන කටයුතු සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත කැඳවා තිබුණා.
විමර්ශන ආරම්භ කිරීමට පෙර ක්‍රීඩකයන් තිදෙනා හට නිදහස කරුණු ඉදිරිපත් කිරීම සඳහා පිළිතුරු ලබාදීමට අවස්ථාව ලබාදී තිබුණු අතර ඔවුන් තිදෙනා එක්ව ඒ සඳහා ලිපියක් ඉදිරිපත් කර තිබුණා.
මීට පෙර සඳහන් වුණේ ක්‍රීඩකයන් තිදෙනාට වසරකට නොඅඩු තරඟ තහනමක් පනවන බවයි. නමුත් ඔවුන් විනය කඩ කිරීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිගතහොත් ඔවුනට දඬුවම් නියමි කිරීමට අවශ්‍යතාවයක් නැතැයිද මීට පෙර ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරියෙකු විසින් පවසා තිබුණා.
අද ලබාදෙන තීරණය මෙම තිදෙනා ක්‍රිකට් ජීවිතයේ ඉදිරිය තීරණය කරනු ඇති.