April 25, 2024

ශ්‍රී ලංකාවෙන් ප්‍රබල අභියෝගය! ඉන්දීය ඉනිම නිමාවෙයි

අද (23) දිනයේ පැවැත් වන ඉන්දීයාව සහ ශ්‍රී ලංකා අතර අවසන් එක්දින තරගයේ දී කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 43ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 225ක් රැස් කරගත්තා.

තරගය ආරම්භයේ දී සටන්කාමී ඉනිමක් ක්‍රියාත්මක කළ ඉන්දීය ක්‍රීඩකයන් වර්ෂාව හේතුවෙන් තරගය තාවකාලිකව නිතර කරන විට ප්‍රබල තත්ත්වයක පසු වුනා.

වර්ෂාව නිසා තරගය පන්දුවාර 47කට සීමා වුණු අතර ඉන් පසුව පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩකයන් අසරණ කරන්නට ප්‍රවීන් ජයවික්‍රම සහ අකිල ධනංජය සමත් වුණේ දෙදෙනාම ඉන්දීය කඩුළු 3 බැගින් දවාගෙනයි.

ඊට අනගි සහයක් ලබාදුන් නායක දසුන් ශානක එක් කඩුල්ලක්ද, චාමික කරුණාරත්න එක් කඩුල්ලක්ද, ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන්න දුෂ්මන්ත චමීර කඩුළු දෙකක් ද දවා ගත්තා.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් දිනයේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වුණේ පෘථිවි ෂෝව් ය. ඔහු ලකුණු 49ක් රැස්කර ගැනීමට සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 47ක් තුළ ලකුණු 226ක් ජයග්‍රාහණය සඳහා ලබාගත යුතු වෙනවා.

Rate this item
(0 votes)