March 29, 2024

මිකී පිටිය මැද දසුන් සමඟ පැටලෙද්දී ඩ්‍රාවිඩ් තම කණ්ඩායමට කිව්ව කතාව!

ඉන්දීය ප්‍රධාන පුහුණුකරු වන රවී ශ්‍රාස්ති එංගලන්ත තරඟ සංචාරයක නිරතව සිටින නිසා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය නැඟි එන සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් සහිත කණ්ඩායමේ වගකීම හිමි වන්නේ ඉන්දීය හිටපු සුපිරි පිතිකරු රාහුල් ඩ්‍රාවිඩ් හටයි.

රාහුල් ඩ්‍රාවිඩ්ව ශ්‍රී ලංකා සංචාරය සඳහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් එවන්නේ රවී ශාස්ත්‍රිගෙන් පසුව ඉන්දීය ජාතික කණ්ඩායම ඔහු වෙත පැවරීම සඳහා අවශ්‍ය වන සුදුසුකම් සහ අත්දැකීම් ලබාගැනීම සඳහායි.

ඒ අනුව ඩ්‍රාවිඩ් විසින් තමා පුහුණුකරුවෙකු ලෙස කෙතරම් ඉදිරියෙන් සිටිනවාද යන්න පිළිබඳව ඔප්පු කර අවසන්.

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන එක්දින තරඟාවලියේ තවත් 1ක් තරගයක් ඉතිරිව තිබියදී තම කණ්ඩායමේ ක්‍රීඩකයන්ව ජයග්‍රහණය වෙත ගෙනයන්නට ඩ්‍රාවිඩ් සමත් වෙලා තියෙනවා.

දෙවැනි එක්දින තරඟාවලියේ දී ලකුණු 275ක් හඹා යමින් සිටි ඉන්දීය ප්‍රබල ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම ක්‍රීඩාගාරයට හරවා යන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් කටයුතු කළ අතර ඉන්දියානු කණ්ඩායමෙන් ජයග්‍රහණය සෑහෙන්න දුරට ගොස් තිබුණා.

නමුත් අසීරුම අවස්ථාවේ ක්‍රියාත්මක වූ රාහුල් ඩ්‍රාවිඩ් විසින් එම අවස්ථාවේ ක්‍රීඩා කරමින් සිටි දීපක් චහාර් සහ බුවනේෂ්වර් කුමාර් හට නියමිත උපදෙස් යවමින් තරගය ජයග්‍රහණය කරා ගෙනයන්නට සමත් වුණා.

මෙම තරගයෙන් පසුව දැඩිව ආවේගශිලී ලෙස හැසිරුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක සමඟ පිටිය මැද උණුසුම් වාදයක පැටලෙන අවස්ථාවේ ඉන්දීයා ක්‍රිඩාගාරය තුළ හරි අපුරු දෙයක් සිදුවෙමින් තිබුණා.

ඒ අනුව රාහුල් විසින් සිය කණ්ඩායමේ ක්‍රීඩකයන් හට ඔවුන්ගේ කැපවීම පිළිබඳව අගයමින් සිටියා. එහිදී රාහුල් විසින් ඉන්දීය ක්‍රීඩකයන් වෙත පවසා සිටියේ මෙවන් කතාවක්,

“ඔවුන් අපිට ප්‍රතිචාර දැක්වූවා.. නමුත් අපි ඔවුන්ට නැවතත් ප්‍රතිචාර දැක්වූවා. ශූරයන්ගේ කණ්ඩාමක් මෙන්, අසීරුම අවස්ථාවේ, අපි ජයග්‍රහණය සඳහා මාවතක් සොයාගත්තා.. හැමෝම ඉතාමත් හොඳින් කළා, මෙය අපූරු ජයග්‍රහණයක්” 

මෙම සුවිශේෂී ජයග්‍රහණය සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින්ද සිය ක්‍රීඩකයන් වෙත සුබ පැතුම් එක්කර තිබුණා.

Rate this item
(1 Vote)