April 25, 2024

කුසල්, නිරෝෂන් සහ ධනුෂ්කට අවස්ථාවක් හිමි වෙයි!

එංගලන්ත තරඟ සංචාරය අතරතුරදී ජෛව ආරක්ෂණ බුබුළේ නීතිය උල්ලංඝනය කරමින් ඩර්හැම් වීදියේ විනෝද වූ ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල සහ හිටපු උප නායක කුසල් මෙන්ඩිස් හට විරුද්ධව ඇති චෝදනා පත්‍රය මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉදිරිපත් කර තිබෙනවා.

එහිදී මෙම තිදෙනාම ක්‍රීඩකයන්ගේ චර්යාධර්ම පද්ධතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වැරැදිකරුවන් බවට නම් කර තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් කළමණාකරු මනූජ කාරියප්පෙරුම මහතා විසින් ඉදිරිපත් කරන ලද වාර්තා පදනම් කරගෙන මූලික පරීක්ෂණයේදී තමන් වැරදිකරුවන් බව ක්‍රීඩකයින් තිදෙනාම පිළිගෙන තිබෙනවා.

චෝදනා පත්‍රයට අදාළ පරික්ෂණය ආරම්භ කිරීමට පෙර ක්‍රීඩකයන් තිදෙනාටම අවස්ථාවක් ලබාදීමට පරික්ෂණ කමිටුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් තිදෙනාටම දින 03ක කාලයක් ලබාදී තිබෙන අතර එහිදී ඔවුන් තිදෙනාටම තමන්ට එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව හිමිවෙනවා.

ඉන් අනතුරුව සිදුවීම සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

මෙම ක්‍රීඩකයන් තිදෙනාට තාවකාලික තරඟ තහනමක් ද මේ වන විට පනවා තිබෙනවා.

Rate this item
(3 votes)