March 29, 2024

මිකී ආතර් සහ දසුන් ශානක අතර උණුසුම් තත්ත්වයක්! (VIDEO)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාව සමඟ පැවැති තරඟ 03කින් සමන්විත එක්දින තරඟාවලිය එක් තරගයක් ඉතිරිව තිබියදී ඊයේ (20) දිනයේ පරාජයට පත් වුණා.

තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායම වෙත නැඹුරුව තිබුණත් අවසන් පන්දුවාර කිහිපය තුළ එය සම්පුර්ණයෙන්ම ඉන්දියාව දෙසට හැරෙන්නට වුණා.

ඒ අනුව ලකුණු 275ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායමට අවසන් පන්දුවාරයේ දී පන්දු 06ක් තුළ ලකුණු 03ක් රැස්කර ගැනීමට සිදුව තිබුණා.

අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කිරීමට යොදවා තිබුණේ කසුන් රාජිත වන අතර ඔහුගේ පළමු පන්දුවටම ඉන්දීයාව ජයග්‍රහණය වෙත ඇඳගෙන යමින් සිටි දීපක් චහාර් ප්‍රවේගකාරී ප්‍රහාරයක් දියත් කළ අතර එම පහරත් සමඟ ඉන්දියානු කණ්ඩායමට ජයග්‍රහණය හිමි වුණා.

එම අවස්ථාවේ ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් විසින් තරමක් නොසන්සුන්කාරී ලෙස හැසිරෙන ආකාරය දැකගත හැකි වුණා. ඔහු විසින් ක්‍රීඩාගාරය තුළට ගොස් එහි සිටි පිරිසකට බැන වදින ආකාරය දැක ගත හැකි වුණා.

තරගයෙන් අනතුරුව පිටිය වෙත පැමිණෙන මිකී ආතර් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක සමඟ උණුසුම් කතාබහක නිරත වන දර්ශනයන් ද මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරමින් තිබෙනවා.

මෙම වීඩියෝව සමාජ මාධ්‍ය තුළ හුවමාරු කරගන්නන් විසින් පවසා තිබුණේ මෙය ක්‍රීඩාගාරය තුළ සිදුවිය සාකච්ඡාවක් බවත් එය ක්‍රීඩාපිටිය තුළ සිදු නොවිය යුතු බවයි. 

තවත් පිරිසක් පවසා තිබුණේ මෙය මිකී ආතර්ගේ පුහුණුකාරීත්වයේ අවසානය විය හැකි බවත් එයට හේතුව තරඟාවලි පරාජය නොවන බවත් ඔහුගේ මෙම හැසිරීම බවත් පවසා සිටියා.

දසුන් ශානක සමඟ උණුසුම් කතාබහක යෙදුණු මිකී ආතර්ගේ වීඩියෝව,

Rate this item
(8 votes)