April 24, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් ජ්‍යේෂ්ඨයන්, ක්‍රීඩා ඇමති සහ ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන් මුහුණට මුහුණ හමුවෙයි

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු ප්‍රධානීන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා.

මෙම විශේෂ සාකච්ඡාව අද (19) දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙන බවයි සඳහන් වන්නේ.

මෙම අවස්ථාව සඳහා වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් වෙතද ආරාධනා කර තිබෙන බවත් සඳහන් වෙනවා.

මේ සඳහා දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල්, ඇන්ජෙලෝ මැතිව්ස් සහ ළහිරු තිරිමාන්න වෙතද ආරාධනා කර ඇති බවයි සඳහන් වන්නේ.

Rate this item
(0 votes)