October 15, 2024

රාහුල් ඩ්‍රාවිඩ්ගෙන් අනතුරු ඇඟවීමක්? ඉන්දියාව ප්‍රහාරයකට සුදානම් වෙයි

ඊයේ (28) දිනයේ ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියානු දෙවන පෙළ ක්‍රිකට් කණ්ඩායමේ මූලික පරමාර්ථය ශ්‍රී ලංකාවට එරෙහිව තරඟාවලි ජයක් ලැබීම බව ප්‍රධාන පුහුණුකරු රාහුල් ඩ්‍රාව්ඩි විසින් තරඟාවලියට පෙර පැවැති මාධ්‍ය හමුවකදී පවසා තිබුණා.

එමෙන්ම ඔහු පවසා තිබුණේ මෙම තරඟාවලිය කිසිම අවස්ථාවක ක්‍රීඩකයන්ට අත්දැකීම් ලබාගැනීම හෝ සියලු දෙනාට අවස්ථාව ලබාදෙන තරඟාවලියක් නොකර ගන්නා බවයි.

ඉන්දියානු T20 ලෝක කුසලාන සංචිතය සඳහා අවශ්‍ය තරම් ක්‍රීඩකයන් සිටින බවත්, මේ පිළිබඳව ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ ද සාකච්ඡා කළ බවත්, මෙම තරඟාවලිය කෙසේ හෝ ජයගැනීම තමන්ගේ අරමුණ බවත් රාහුල් විසින් වැඩිදුරත් සඳහන් කර තිබුණා.

එහිදී ඔහු පවසා තිබුණේ මෙම සංචාරයේ දී තමන්ට ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්නා ක්‍රීඩකයන්ට තමන්ට T20 ලෝක කුසලාන සංචිතයට යෑමට අවස්ථාව දෙන ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට පවසා සිටින්න පුළුවන් බවයි.

තරුණ ක්‍රීඩකයින් රැසක් සමඟ මෙරටට පැමිණි ඉන්දියානු කණ්ඩායමේ නායකත්වය ශිකර් ධවාන්ටද, උප නායකත්වය බුවනේෂ්වර් කුමාර් හටද හිමිව තිබෙන අතර එම ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් දෙදෙනා සමඟ සිටින අනිත් එකම ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයා වන්නේ හාඩික් පාණ්ඩ්‍යා පමණයි.

මෙම තිදෙනා සමඟ නවක ක්‍රීඩකයන්ට ක්‍රීඩා කරමින් දක්ෂතා පෙන්වා තමන්ගේ දායකත්වය පිළිබඳව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට පෙන්වීමට මෙම සංචාරය උපයෝගී කරගන්නා ලෙසද ඔහු විසින් සිය කණ්ඩායමේ සාමාජිකයන් වෙත පවසා තිබෙනවා.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 29 June 2021 08:35

Related items