April 25, 2024

ශ්‍රී ලංකා - එංගලන්ත පළමු තරගය නිමා වූයේ මෙහෙමයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරයට අයත් පළමු 20 විස්ස ක්‍රිකට් තරගය එංගලන්තයට ජය අත්කර දෙමින් නිමා වූවා.

එංගලන්තය මෙම තරගය ජය ගත්තේ කඩුලු 08කින් වීම විශේෂත්වයක්.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිතිකරුවන් සුපුරුදු ලෙස අසාර්ථක වන්නට පටන් ගත්තේ ඉතා අඩු ලකුණු ගණනකට දැවී යාමත් සමගින්.

අර්ධ ශතකයක් ලබා ගත් දසුන් ශානක හැරෙන්නට එකදු ක්‍රීඩකයෙක් හෝ සාර්ථක වූයේ නැහැ.

කඩුළු 07ක් දැවී ශ්‍රී ලංකා පිතිකරුවන් ලබා ගත් ලකුණු ගණන 129ක්.

ඒ අනුව ජයග්‍රහණය වෙනුවෙන් එංගලන්ත කණ්ඩායමට ලකුණු 130ක පහසු ඉලක්කයක් හිමි වූවා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි එංගලන්ත පිතිකරුවන් කඩුළු 02ක් පමණක් දැවී සිය ඉලක්කය සපුරාගත්තේ 18 වැනි පන්දුවාරයේ පළමු පන්දුවේ දී.

නායක ජෝස් බට්ලර් ලකුණු 68ක් ලබාගත්තා.

ජේසන් රෝයි ලකුණු 36යි.

මෙම තරගයේ ජයත් සමග තරග 03කින් යුතු තරගාවලිය 1-0ක් ලෙස එංගලන්තය පෙරමුණ ගෙන සිටිනවා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 24 June 2021 06:53