April 25, 2024

ශ්‍රී ලංකා T20 කණ්ඩායමට අලුත් බලාපොරොත්තුවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ දිනවල එංගලන්ත සංචාරයක නිරතව සිටින්නේ එංගලන්ත කණ්ඩායම සමඟ T20 සහ එක්දින තරඟාවලියක් සඳහා සහභාගී වීමටයි.

මෙම සංචාරයත් බංග්ලාදේශ සංචාරය මෙන්ම නවක ක්‍රීඩකයන් සමඟ එක්ව යන තරඟයක් වී ඇති තිබෙනවා.

පසුගියදා පැවැති පුහුණු තරගයක් අතර දණහිසේ අබාධයකට ලක්වූ නවක තුන්ඉරියව් ක්‍රීඩක ධනංජය ලක්ෂාන් දැන් සුවය ලබා තිබෙනවා. ධනංජය ලක්ෂාන් එංගලන්ත සමඟ පැවැත්වෙන T20 තරඟාවලියේ දී ජාත්‍යන්තර ක්‍රිකට් වරම් හිමිකර ගනු ඇති බවට මේ වන විට වාර්තා වෙලා තියෙනවා.

ඒ අනුව එළැඹෙන බදාදා (23) කාර්ඩිෆ් හිදී ආරම්භ වීමට නියමිත පළමු T20 තරගයේ දී ධනංජය ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පිටියට පිවිසීමට සුදානම් බවයි සඳහන් වෙන්නේ.

ශ්‍රී ලංකා T20 හිටපු නායකයෙකු මෙන්ම සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග විසින් ද ධනංජයගේ දක්ෂතා අගයා තිබෙනවා. මාලිංග පවසා තිබුණේ ලක්ෂාන් හට හොඳින් පන්දුව දෝලනය කිරීමේ හැකියාවක් තියෙනවා කියලයි.

එමෙන්ම ධනංජය T20 වලට මෙන්ම එක්දින තරඟ රටාව සඳහාද වඩාත් සුදුසු ක්‍රීඩකයෙකු වනු ඇති බවද ලසිත් මාලිංග විසින් සඳහන් කර තිබුණා.

Rate this item
(0 votes)