April 16, 2024

කුසල් මෙන්ඩිස්ගෙන් ලෝක වාර්තාවක්

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ උප නායක කුසල් මෙන්ඩිස් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වී තිබෙනවා.

ඒ ඔහු සහභාගි වූ ටෙස්ට් තරඟ වලින්.

වැඩිම බිංදු ප්‍රතිශතයකට හිමිකම් කීම

කුසල් මෙන්ඩිස් තබා තිබෙන්නේ ටෙස්ට් තරග වලදී එකදු ලකුණක් නොලබා එනම් ලකුණු බින්දුවට දැවී යාමේ වැඩිම ප්‍රතිශතයකට හිමිකම් කීමේ වාර්තාවයි.

ලෝක ක්‍රිකට් ක්‍රීඩාව තාක්ෂණය අතින් ඉතා දියුණු මට්ටමක තිබෙන බැවින් අවම ටෙස්ට් තරඟ සංඛ්‍යාවකදී වැඩිම බිංදු සංඛ්‍යාවකට දැවී ගිය ක්‍රීඩකයන්ගේ ලයිස්තුවක්ද එළි දක්වා තිබෙනවා.

එක ලංකාවට

එම වාර්තාවට අනුව පළමු ස්ථානයේ සිටින්නේ කුසල් මෙන්ඩිස් වන අතර ඔහු ටෙස්ට් තරග 7 කදී ඉනිම් 13 කදී බිංදු 5 ක් රැස් කර ගෙන තිබෙනවා.

දෙක දකුණු අප්‍රිකාවට

2 වන ස්ථානය හිමිව තිබෙන්නේ දකුණු අප්‍රිකාවේ දඟ පන්දු යවන කේශව් මහරාජ්ට වන අතර ඔහු ටෙස්ට් තරඟ 10 කදී ඉනිම් 17 කදී බිංදු 5 කට දැවී ගොස් තිබෙනවා.

තුන පාකිස්තානයට

මෙම ලයිස්තුවේ 3 වන ස්ථානය හිමිව තිබෙන්නේ පාකිස්ථානයේ වේග පන්දු යවන ෂාහින් ෂා අෆ්රිඩීට වන අතර ඔහු ටෙස්ට් තරග 12 කදී ඉනිම් 17 කදී බිංදු 5 කට දැවී ගොස් තිබෙනවා.

හතරත් පාකිස්තානයට

4 වන ස්ථානයට හිමිකම් කියන්නේද පකිස්තාන ක්‍රීඩකයෙකු වන අතර ඔහු ආරම්භක පිතිකරු ෂාන් මසූඩ්.

ඔහු ටෙස්ට් තරග 10 කදී ඉනිම් 17 කදී බිංදු 5 කට දැවී ගොස් තිබෙනවා.

පහ බටහිර ඉන්දීය කොදෙව්වට

මෙම ලයිස්තුවේ 5 වන ස්ථානය හිමි වන්නේ බටහිර ඉන්දීය කොදෙව් වේග පන්දු යවන සැනොන් ගාබ්රියල් හටයි.

ඔහු ටෙස්ට් තරග 11 කදී ඉනිම් 18 කදී බිංදු 5 කට දැවී ගොස් තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Monday, 21 June 2021 00:07