March 29, 2024

ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු කරන්න ටොම් මූඩි මැදිහත් වෙයි

T20 සහ එක්දින තරඟාවලියක් සඳහා එංගලන්ත සංචාරයකට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු කිරීම් කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂක ටොම් මූඩි මහතාද සම්බන්ධව වෙලා කියලා ආරංචි මාර්ග සඳහන් කරනවා.

මීට පෙරද ඔහු විසින් ශ්‍රී ලංකා කණ්ඩායම සහ පුහුණුකරුවන් ඇතුළු තාක්ෂණික නිලධාරීන් අධික්ෂණය කිරීම සඳහා කටයුතු කරන බවට වාර්තා වුණා.ෙ

ටොම් මූඩිගේ ඇති පළපුරුදු බව සහ ඔහුගේ ප්‍රවීණත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායමට යම් වාසියක් ලබාගැනීමට හැකිවනු ඇති බවයි සඳහන් වෙන්නේ‍ෙ

එමෙන්ම නව භෞත චිකිත්සකවරයා වන බ්‍රෙට් හැර්රොප් ද සිය කටයුතු ආරම්භ කර ඇති බවට වාර්තා වන අතර අබාධයකට ලක් වුණු ධනංජය ලක්ෂාන්වද ඔහු විසින් පරික්ෂා කර බලා තිබුණු බවත් සඳහන් වෙනවා.

Rate this item
(0 votes)