April 23, 2024

ඉන්දියානු මළල ක්‍රීඩා පුරාවෘත්තය කොරෝනාවෙන් මිය යයි

ඉන්දියානු නාමය ලෝක මළල ක්‍රීඩාව තුළ ඉහළට ඔසවා තැබීමට කැප වුණු ඉන්දියානු ඔලිම්පික් ධාවක මිල්කා සිංග් 91 වැනි වියේ දී සිය ජිවිතයෙන් සමුගෙන තියෙනවා.

පසුගිය මැයි මාසයේ 24 වැනිදා ඔහු කොරෝනා ආසාදනය වීමෙන් පසුව ආහාර ගැනීමේ සහ ශ්වසන අපහසුතාවයන් නිසා රෝහල් ගත කර තිබුණා. 

අද (19) ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබුණේ මිල්කා සිංග් මිය ගිය බවයි. 

“ඉගිලෙන සික්” යන අනුවර්ථ නාමයෙන් හඳුන්වනු ලබන මිල්කා සිංග් 1960 ටෝකියෝ ඔලිම්පික් උළලේදී ඉන්දියානු නාමය ඉහළින් ඔසවා තබන්නට සමත් වන්නේ මීටර් 400 අවසන් ධාවන තරගයේ දී සිව්වන ස්ථානය දිනාගනිමින්. එය ඉන්දියානු ක්‍රීඩයෙකු ඔලිම්පික් අවසන් වටයේ තරගයකට තේරුණ ප්‍රථම අවස්ථාවද වෙනවා.

මිල්කා සිංග් ඉන්දියානු රජයෙන් පුරවැසියෙකු ලබාගත හැකි ඉහළම රාජ්‍ය ගෞරව දිනාගත් පුද්ගලයෙකු ලෙසද හඳුන්වන්නට පුළුවන්.

සැබැඳි පුවත :

අධිෂ්ඨානයේ මහිමය ලොවට කියා දුන් ඉන්දියානු ධාවකයාටත් කොරෝනා වැළැඳෙයි

Rate this item
(0 votes)