April 25, 2024

ටෙස්ට් ලෝක කුසලානයේ දී රිකී පොන්ටින් අභිබවා යන්න හදන විරාට් කෝලි

මෙවර ටෙස්ට් ලෝක කුසලානය තවත් එක් ටෙස්ට් තරගයකට පමණ සීමා නොවනු ඇත. ඒ මෙතෙක් කල් පැවැති ටෙස්ට් තරඟාවලියන් අතරින් හොඳම කණ්ඩායම් දෙක ලෙස තේරී පත්ව ඇති නවසීලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම තරග වදින නිසාවෙනි.

මෙම තරගය ඉන්දියානු කණ්ඩායමේ නායක විරාට් කෝලිට වැඩි වගකීමක් පැවරෙන තරඟාවලියක් වනු ඇති බවට බෙහෝ දෙනෙක් පවසනවා. 

පසුගිය සමය තුළ ටෙස්ට් පිටිය තුළ අසාර්ථක වූ විරාට් කෝලි මෙවර අනිවාර්යෙන්ම සාර්ථක විය යුතු බවද බෙහෝ ක්‍රීඩා විචාරකයන් පිරිසක් සඳහන් කර තිබුණා.

විරාට් කෝලි විසින් 2019 නොවැම්බර් මාසයේ බංග්ලාදේශය සමඟ කොල්කටා හී පැවැති දිවා රාත්‍රී ටෙස්ට් තරගයෙන් පසුව විරාට් විසින් මෙතෙක් ජාත්‍යන්තර ටෙස්ට් පිටිය තුළ ශතකයක් ලබා ගන්නට සමත් වී නැහැ.

ඒ හේතුව නිසා විරාට් මෙවර දැඩි අවධානයක් තමන්ගේ පිතිකරණය වෙත යොමු කරනු ඇති බවට බොහෝ දෙනා විශ්වාස කරමින් සිටිනවා. 

විරාට් කෝලි විසින් ටෙස්ට් ලෝක කුසලාන තරඟාවලියේ දී සාර්ථක වී ශතකයක් ලබාගතහොත් විරාට් නමින් ටෙස්ට් ඉතිහාසය තුළ නව ලෝක වාර්තාවක් පිහිටු වීමට සමත් වෙනවා.

මෙම වාර්තාව වනුයේ ක්‍රිකට් නායකයෙකු ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ වාර්තා කර ඇති වැඩිම ශතක ප්‍රමාණයේ වාර්තාවයි.

මෙම වාර්තාවට දැනට හිමිකම් කියන්නේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ විශිෂ්ට ක්‍රිකට් නායකයෙකු මෙන්ම පිතිකරුවෙකු ද වන රිකි පොන්ටින්. ඔහු විසින් දැනට නායකයෙකු ලෙස ඉනිම තරඟ 324කදී ශතක 41ක් රැස් කරගෙන සිටිනවා.

විරාට් කෝලිද තරඟ 188 කදී ශතක 41ක් ලබාගෙන රිකි සමඟ සමතැන් ගෙන සිටින අතර ඔහු තවත් එක් ශතකයක් ලබා ගතහොත් ඔහු නමින් ලෝකයේ නායකයෙකු ලෙස වැඩිම ශතක ප්‍රමාණයක් ලබාගත් ක්‍රීඩකයා ලෙස ඉතිහාසයට එක්වනු ඇති. 

මේ හේතුවෙන් විරාට් කෝලිට මෙම තරඟය වඩාත් තීරණාත්මක තරගයක් වනු ඇත. 

ඉන්දියාව සහ නවසීලන්තය අතර 2021 ටෙස්ට් ලෝක කුසලාන තරඟාවලිය ජුනි 18 වැනිදා සවුත්හැම්ප්ටන්දී ආරම්භ වීමට නියමිතයි.

Rate this item
(0 votes)

Related items