April 19, 2024

එදා ක්‍රිකට් : දිනලත් එක දිගටම ගහපු එක් දින තරගය

1979 දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලංකාවට ආවා. හැබැයි ඒ ආවේ කණ්ඩායමේ අති දක්ෂයන් නැතිව.

දක්ෂයන් වෙනත් තරගාවලියකට

ඒ දවස්වල ඔස්ට්‍රේලියාවේ ධන කුවේරයකු වූ කෙරී පැකර් (Kerrry Packer) විසින් සිය ලොව දක්ෂතම ක්‍රීඩකයන් එක්කොට වෙනම තරගාවලියක් පැවැත්වීම නිසාය.

මෙම තරගාවලියට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමක් වෙනමම සහභාගි වූ අතර ඊට පළමු ලෝක කුසලානයද දිනා සිටි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන් පවා සහභාගි වූයේ ජාත්‍යන්තර තරගාවලී පසෙකට දමමින්.

එවකට ලැබුණු ලොකු මුදල

ඒ එවකට අර්ධ වෘත්තීය මට්ටමින් පැවති ක්‍රිකට් තරග වලින් ලබා ගැනීමට හැකි මුදලට වඩා අති විශාල මුදලක් මෙම තරගාවලියෙන්ද ක්‍රීඩකයන්ට ලැබීම හේතුවෙන්.

ලොයිඩ්, රිචඩ්ස්, ග්‍රීනීජ්, රොබට්ස්, ඩී එල් මරේ, හේන්ස්, හෝල්ඩින්, ගාර්නර් ආදී නමගිය දැවැන්තයින් සියල්ලන්ම එම තරගාවලියට එකතු වුණා.

පැමිණියේ අලුත් කණ්ඩායමක්

මේ හේතුව නිසා ලංකාවට පැමිණි කණ්ඩායමේ නායකත්වය දැරුවේ ඇල්වින් කලිචරන් විසින්. ඔහුටද එම තරගාවලියට සහභාගි වීමට ආරාධනා ලැබුණද ඔහු ගියේ නැහැ.

මේ නිසා ඔහුට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමේ නායකත්වය ලැබුණා.

කලිචරන් ගේ නායකත්වය යටතේ ලංකාවට පැමිණියේ නවක කණ්ඩායමක්. හැබැයි ඒ පැමිණි කණ්ඩායමේ සිටී නවක වේග පන්දු යවන්නන්ගෙන් ලංකාවේ පිතිකරුවන්ට එල්ල උනේ මාරාන්තික ප්‍රහාරයක්.

ඒ වෙනකොටත් හිස් ආවරණ (helmet) භාවිතයක් නොතිබුන හෙයින් පිතිකරුවන් පන්දුවට පහර දුන්නේ අනතුරක් පොදි බැඳගෙන.

කොළඹ එස් එස් සී ක්‍රීඩාංගනයේදී ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර පැවති එක්දින තරඟය සුවිශේෂී තරඟයක් වුණේ මෙ නිසා.

පන්දු යවන්නන්ට බයට දැවී ගිය හැටි

අනුර තෙන්නකෝන්ගේ නායකත්වයෙන් තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් එක දිගට දැවී ගියේ මෙම ක්‍රීඩකයාගේ පන්දුවලට මුහුණ දීමට තියෙන බියට.

මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු සුනිල් වෙත්තමුනිගේ ඔළුවට සිල්වෙස්ටර් ක්ලාක් එවපු පන්දුවක් ඔලුවේ වැදීමෙන් ඔහු තරඟයෙන්ම ඉවත් වුණා.

පිතිකරුවන්ට ඇතිවූ මරණ බිය

මේ සමගම ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් ට ඇති වූ මරණ බිය නිසා ලකුණු අනූ ගණනකට කණ්ඩායමම දැවී ගියා.

පිළිතුරු ඉණිම ආරම්භ කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුළු දෙකක් දැවී ගොස් ජයග්‍රාහී ලකුණු සංඛ්‍යාව ඉතා ඉක්මනින්ම ලබාගත්තා.

ක්‍රීඩාලෝලීන් වෙනුවෙන් කළ උපහාරය

සියල්ල සිදුවීමට පැය තුනක් වත් ගියේ නැහැ. තරඟයේ අපූරුම අවස්ථාව උදා වූයේ මේ අවස්ථාවේ.

තරගය නරඹන්නට පැමිණි දහස් ගණනක් ක්‍රීඩාලෝලීන් කලින්ම ගෙදර යවන්නට බැරි නිසා අපූරු දෙයක් සිදු වුණා.

ඒ ජයග්‍රහණයෙන් පසු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම දිගටම පිතිකරණයේ යෙදීමයි.

මේ දවස් වල අද මෙන් දැඩි නීතිරීති නොතිබුණ නිසා කණ්ඩායම් දෙක  පැමිණි සිටි ක්‍රීඩා ලෝලීන් වෙනුවෙන් මේ දේ කළේ.

පසු කලෙක ලෝක පූජිත වූ වේග පන්දු යවන්නා

පසු කලෙක ලෝක පූජිත වේග පන්දු යවන්නෙකු බවට පත් වූ එවකට 20 හැවිරිදි වියේ පසු වූ මැල්කම් මාෂල්ගේ පළමු සංචාරය මෙයයි.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 15 June 2021 09:00