April 20, 2024

ශකීබ් අල් හසන් පිටිය මැද යකා නටයි - විකට්ටුවත් ගලවා පොළොවේ ගසයි (VIDEO)

බංග්ලාදේශ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන්ගේ නොහොබිනා ක්‍රියාවක් පිළිබඳව සමාජ මාධ්‍ය තුළ උණුසුම් කතාබහක් නිර්මාණය වී තිබේ.

ඩකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය අතර ශකීබ් විසින් විනිසුරුවරයාගෙන් කළ එල්.බී.ඩබ්ලිව් (කඩුල්ල මුවා කිරීමේ) දවා ගැනීම ලබා නොදීම හේතුවෙන් ඔහු පිටිය මැද අශිලාචාර ලෙස හැසිරී තිබුණා.

එහිදී පන්දුව යැවීමෙන් පසුව ශකීබ් විසින් කඩුල්ල මුවා කිරීමේ දැවී යාමක් ඉල්ලා සිටි අතර විනිසුරු එයට ප්‍රතිචාර නොදැක්වීමත් සමඟ ශකීබ් විසින් කඩුල්ලට පයින් ගසන ආකාරය දැක ගැනීමට හැකි වුණා.

මෙම ඉල්ලීම පසුව පරික්ෂා කර බලා ඇති අතර එය දැවී යෑමක් නොවන බව තහවුරු වී තිබුණා.

ඔහු විසින් මෙම දවා ගැනීම ඉල්ලා තිබුණේ බංග්ලාදේශ ජාතික කණ්ඩායමේ සිය සහෝදර පිතිකරුවෙකු වන මුෂිෆිකූර් රහීම්ගේ කඩුල්ලයි.

ශකීබ්ගේ උණුසුම් වචන හුවමාරුවකින් පසු විනිසුරු විසින් සිය තීරණය වෙනස් කිරීම නොකරන බවට ප්‍රකාශ කිරීමෙන් අනතුරු තරඟය නැවත ආරම්භ වුණා.

එයින් නතර නොවුණු ශකීබ් විසින් නැවත වරක් එවැනි ආකාරයේම හැසිරීමක නිරත වුණු අතර එහිදී ඔහු විසින් කඩුල්ල ගලවා පොළොවේ ගසන ආකාරය දැක ගැනීමට හැකි වුණා.

ශකීබ්ගේ මෙම හැසිරීම සම්බන්ධයෙන් ප්‍රේක්ෂයන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩිව සිය විරෝධය පළ කරමින් සිටියි.

සමහර පිරිස් චෝදනා කරන්නේ බංග්ලාදේශ ක්‍රීඩකයන් බොහෝ අවස්ථාවලදී ක්‍රීඩාවේ ජිව ගුණය අහිමි කරමින් මෙලෙස හැසිරෙන බවයි.

ශකීබ් දවා ගැනීමක් ඉල්ලු අවස්ථාවේ විනිසුරුවරයා ප්‍රතිචාර නොදැක්වීම නිසා හැසිරුණු ආකාරය 

ශකීබ් අල් හසන් විසින් දෙවැනි අවස්ථාවේ කඩුල්ල ගලවා පොලොවේ ගසන අවස්ථාව

Rate this item
(7 votes)
Last modified on Friday, 11 June 2021 18:40