April 23, 2024

සපත්තු 02ක්වත් ගන්න නැති තරමට අන්ත අසරණ වුණු සම්බාබ්වේ ක්‍රිකට් ක්‍රීඩකයෝ

සිම්බාබ්වේ ක්‍රිකට් මුහුණ දී ඇති ඛේදජනක ඉරණම පිළිබඳව එරට ක්‍රීඩකයෙකු විසින් තැබූ ට්විටර් පණිවිඩයක් හරහා අද දිනයේ ලෝකයටම හෙළි විය.

සිම්බාබේ ක්‍රීඩක රයන් බර්ල් විසින් මෙලෙස ට්විටර් පණිවිඩයක් තබා තිබුණු අතර ඔහු සඳහන් කර සිටියේ “අපිට අනුග්‍රාහකයෙකු ලබා ගැනීමට හැකි වුණා නම්, අපිට සෑම තරගයකින්ම පස්සේ ගම් යොදා සපත්තු අවලවන්න වෙන්නේ නැහැ…“ යනුවෙනි.

ලෝකයේ ක්‍රිකට් ලෝලීන් බොහෝ දෙනෙකු මෙම ප්‍රකාශයත් සමඟ දැඩිව සංවේදී තිබූ අතර සිම්බාබ්වේ ක්‍රිටට්වලට සහාය පළ කරමින් ඔවුන් බොහෝ සටහන්ද දමා තිබුණි.

ඉන්දියාව, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව විසින් සිම්බාබ්වේ සමඟ පැවැත්වීමට නියමිත තරඟාවලි කල් දැමීමට සුදානම් වන බවට වාර්තා වීමත් සමඟ ක්‍රිකට් ලෝලීන් එම තරඟ කල් නොදමා සිම්බාබ්වේ සමඟ ක්‍රීඩා කරන ලෙසද ඉල්ලා තිබුණි. 

ඔවුන් ඉල්ලා තිබුණේ ඒ තරඟාවලියන් හරහා හෝ සිම්බාබ්වේ කණ්ඩායමට අත්දැකීම් සහ මුදල් හෝ ලැබෙනු ඇති බවත් ලෝකයේම ප්‍රේක්ෂකයන් ඔවුන් දෙන බලනු ඇති බවත්ය.

2019 වසරේ දී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් සිම්බාබ්වේ ක්‍රිකට් තහනම් කරන ලද අතර එයට හේතුව වී තිබුණේ එරට ක්‍රිකට්වලට දේශපාලන මැදිහත්වීම් සිදුවීමයි. මෙම තහනම් කිරීම නිසා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් සිම්බාබ්වේ ක්‍රිකට් වෙත ලබාදෙන අරමුදල්ද කපා හැර දමා තිබුණි.

මෙම තහනම පසුව 2019 වසරේ ඔක්තොම්බර් මාසයේ දී ඉවත් කරගන්නා ලදී.

1992 දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය සහිතව ටෙස්ට් වරම් හිමිකරගන්න සිබ්බාවේ කණ්ඩායම කාලයකට ඉහතදී ලෝකයේ විශිෂ්ඨ ක්‍රීඩකයන් ක්‍රීඩා කළ කණ්ඩායමක් වුණත් අද වන විට අත්ව ඇති ඉරණම කණගාටු දායකය. 

රයන් බර්ල් විසින් තබා තිබූ ට්විටර් සටහන පහතින්,

Rate this item
(0 votes)