April 23, 2024

LPL දෙවැනි සටනට දින නියම වෙයි

ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් LPL තරගාවලියේ දෙවැනි අදියර සඳහා දින නියම වී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරන්නේ එම තරගාවලිය මෙම වසරේ ජුලි 30 වැනිදා සිට අගෝස්තු 22 වැනි දා දක්වා පැවැත්වීමට සැළසුම් කොට ඇති බවයි.

LPL තරගාවලියේ පළමු අදියර පසුගිය වසරේ පැවැත්වුණු අතර එයට මෙරට ක්‍රිකට් ලෝලීන්ගේ දැඩි අවධානය ද හිමි වූවා.

එම ප්‍රථම තරගාවලිය පැවැත්වන අවස්ථාවේ දී ද කොවිඩ් වසංගතයේ පළමු රැල්ල මෙරටට බලපා තිබූ අතර එවන් තත්ත්වයක් යටතේ වුව ද තරගාවලිය සාර්ථකව නිම කිරීමට හැකි වීම විශේෂත්වයක්.

ප්‍රථම තරගාවලිය ජෛව බුබුළකට යටත්ව පැවැත්වුණු අතර මෙම වසරේ දී පැවැත්වීමට නියමිත දෙවැනි අදියර ද ඒ ආකාරයෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශයේ උපදෙස් යටතේ පැවැත්වීමටයි සැළසුම් කොට ඇත්තේ.

Rate this item
(5 votes)
Last modified on Wednesday, 12 May 2021 21:23