April 18, 2024

ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන්ට යනඑනමං නැතිවෙද්දී එංගලන්ත ක්‍රීඩකයෝ IPL අත්හැර සිය රටට යයි

ඉන්දියානු ප්‍රිමියර් ලීග් (අයිපීඑල්) තරගාවලිය කල්දැමීමෙන් පසු ඊයේ (4) දිනයේ සිට එංගලන්ත ක්‍රීඩකයින් සිය රට බලා යෑමට පටන් ගෙන තිබේ.

ජොස් බට්ලර්, ජේසන් රෝයි සහ සහෝදරයන් වෙන සෑම් සහ ටොම් කුරන් ද මේ වන විටත් ඉන්දියාවෙන් පිටත්ව ගොස් තිබේ. අනිකුත් ක්‍රීඩකයන්ද අද (05) දින‍යේ සිට එංගලන්තය බලා පිටත්ව යනු ඇති බව වාර්තා වෙයි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය අතරතුරදී දැඩි සෞඛ්‍ය ආරක්ෂාව සහිතව සිටි පුහුණුකරුවන්ද, ක්‍රීඩකයන් කිහිප දෙනෙකුද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ අයි.පී.එල් බලධාරීන් සහ ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඒකමතික තීරණයක් අනුව තරඟාවලිය කල් දැමීමට තීරණය කර තිබුණි.

ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන්, පුහුණුකරුවන් සහ විස්තර විචාරකයන් ඇතුළු පිරිසක් ඕස්ට්‍රේලියාව විසින් ඉන්දියාවේ සිට නැවත පැමිණීමට පනවා ඇති තහනම හේතුවෙන් ඉන්දියාව තුළ සිරවී සිටින බවත් ඒෂියන් මිරර් ඊයේ (04) දිනයේ දී වාර්තා කළේය.

Rate this item
(1 Vote)