April 19, 2024

IPL කල් දැමීමත් සමඟ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන්ට යනඑනමං නැතිව අන්ත අසරණ වෙයි

ඉන්දියාව තුළ දිනෙන් දින ඉහළ යන කොරෝනා රෝගීන් වාර්තා වීම හේතුවෙන් ලෝකයේ පවත්වනු ලබන දැවැන්තම ක්‍රිකට් තරඟාවලියක් වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය කල් දැමීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබේ.

මෙම තීරණයත් සමඟ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් ඇතුළු 30 දෙනෙකු දැඩි ලෙස අසරණ තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වෙයි.‍ෙ

මෙලෙස අසරණ වීමට හේතුව වී තිබුණේ ඕස්ට්‍රේලියානු රජය විසින් ඉන්දියා සමඟ ඍජු ගුවන් ගමන් සේවා නවතා දැමීමත්, ඉන්දියාවේ සිටින ඕස්ට්‍රේලියානු ජාතිකයන් හට නැවත ඕස්ට්‍රේලියාවට පැමිණීම තහනම් කිරීමත් සමඟයි. මෙම තහනම නොතකා පැමිණෙන්නෙකු හට දැවැන්ත දඩයක් හෝ සිර දඬුවම් විදීමට සිදුවන බවද වාර්තා වෙයි

බොහෝ ක්‍රීඩකයන් ප්‍රමාණයකට නැවත සිය රට වෙතට යෑමට අවශ්‍යව තිබුණත් මෙම තහනම නිසා ඔවුනට නැවත සිය රටට යෑමට නොහැකිව සිටියි.

මෙම තහනම මැයි මස 15 වැනිදා දක්වා ක්‍රියාත්මක වෙමින් පවතින අතර බොහෝ ක්‍රීඩකයන් ප්‍රමාණයක් සිතා තිබුණේ අයි.පී.එල් එළැඹෙන මැයි මස 30 වැනිදා අවසන් වන බැවින් තහනමින් පසුව නැවත සිය රටට යෑමට හැකිවනු ඇති බවටයි.

කෙසේ වෙතත් ඉන්දියානු බලධාරින්ගේ තිරණයත් සමඟ එය වෙනස්ව ඇති බැවින් ඔවුන් දැන් අන්ත අසරණ තත්ත්වයකට මුහුණ දී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 04 May 2021 21:03