March 29, 2024

තිසර පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු මෙන්ම සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමු දී ඇතැයි වාර්තා වෙයි.

ඔහු මේ පිළිබඳව ලිපියක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙතද ලබාදී ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

2009 වසරේ ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් වරම් දිනාගනු ලබන තිසර පෙරේරා එක්දින තරඟ 166කට සහභාගී වී ඇති අතර එහිදී ඉනිම 133කදී ලකුණු දෙදහස් තුන්සිය තිස් අටක් (2338) රැස්කරගෙන තිබේ.

එක්දින තරඟවලදී දවාගෙන ඇති කඩුළු සංඛ්‍යාව 175ක් වන අතර හොඳ පන්දු යැවීම ලෙස ලකුණු 44කට කඩුළු 06ක් දවා ගැනීම පෙන්වා දිය හැකිය.

T20 තරඟ 84කදී ඉනිම 74ක් ක්‍රීඩා කරමින් ලකුණු 1204ක් රැස්කරගෙන ඇති අතර දවාගෙන ඇති කඩුළු සංඛ්‍යාව 51කි.

ශ්‍රී ලංකා කණ්ඩායම සතුව සිටින ප්‍රහාරාත්මකම පිතිකරුවෙකු ලෙසද තිසර පෙරේරාව හඳුන්වා දෙනු ලබන අතර 2014 වසරේ T20 ලෝක කුසලානය දිනා ගත් තරගයේ අවසන් ලකුණ රැස් කරගත්තේ ද තිසර පෙරේරා විසිනි.

Rate this item
(5 votes)
Last modified on Monday, 03 May 2021 13:25