April 24, 2024

නුවන් සොයිසාට වසර 6ක ක්‍රිකට් තහනමක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා හිටපු වේගපන්දු යවන ක්‍රීඩක නුවන් සොයිසාට වසර 6ක ක්‍රිකට් තහනමක් පනවා ඇත.

2017 වසරේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති T 10 තරඟාවලියකදී "ටීම් ශ්‍රී ලංකා" කණ්ඩායමේ පන්දුකරණ පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටියදී ICC දූෂණ විරෝධී රීති උල්ලංඝනය කළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ලවුණි.

ඔහු ඉන් චෝදනා 3කට වැරදිකරු බව 2019 නොවැම්බර් මාසයේදී ICCය නිවේදනය කළේය.

Rate this item
(0 votes)