April 14, 2021

T20 ලෝක කුසලානය දිනා අදට වසර හතයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2014 වසරේ විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය දිනා අදට වසර හතක් සපිරේ.

බංග්ලාදේශයේ සත්කාරයෙන් පැවැති 2014 විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරඟයට ශ්‍රීලංකාව සමගින් තරඟ වැදීමට සුදුසුකම් ලැබුවේ අසල්වැසි ඉන්දියාවයි.

මීට පෙර පැවති ලෝක කුසලන අවසන් මහා තරඟ දෙකකදීම පරාජයේ අමිහිරි මතක ඉතිරිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන අවසාන මහා තරඟයට තරඟ වැදුනේ ලෝක කුසලානය ශ්‍රී ලංකාව සතු කරගැනීමේ අධිෂ්ඨානයෙනි.

ලසිත් මාලිංග සහ මහේන්ද්‍ර සිං දෝනි කණ්ඩායම් නායකත්වය ලබා දෙමින් පැවති මෙම තරඟයේ කාසියේ වාසිය දිනාගත් ලසිත් මාලිංග මුලින් පන්දුවට පහරදීම සඳහා ඉන්දියාවට ආරාධනා කරණු ලැබුවේය.

මුලින් පන්දුවට පහරදුන් ඉන්දියානු කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළ කඩුළු හතරකට ලකුණු 130 ක් ලබාගැනීමට සමත් විය. එහි දී විරාත් කෝලි ලකුණු 77 ක් ලබාගැනීමට සමත් විය.

පන්දු යැවීමේදී රංගන හේරත්, ඇන්ජලෝ මැතිව්ස් සහ නුවන් කුලසේකර අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.

ලකුණු 131 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන සිහිනය සැබෑකර ගැනීමට සමත්විය.

කුමාර සංගක්කාර අගනා ලකුණු 52 ලබාත්තේය.

Rate this item
(0 votes)