April 19, 2024

ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනෙකුටම කොරෝනා

ඉන්දියාවේ පැවැති රෝඩ් සේව්ටි වර්ල්ඩ් සීරිස් තරඟාවලියට ක්‍රීඩා කළ ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායක සචින් තෙන්දුල්කාර් සහ යුසුෆ් පතාන් හට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට මේ වන විට තහවුරු වී තිබේ.

අද (27) උදෑසන සචින්ගේ කොවිඩ්-19 වාර්තාව නිකුත් කර තිබූ අතර එහිදී ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. ඒ අනුව සචින් මේ වන විට ස්වයං නිරෝධායනය සඳහා යොමු වී තිබේ.ෙ

එමෙන්ම ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායමේ තවත් ක්‍රීඩකයෙකු වන යුසුෆ් පතාන් හටද කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට ඔහු විසින් ට්විටර් පණිවිඩයක් හරහා දන්වා තිබේ‍ෙ

එමෙන්ම ඔහුද ස්වයං නිරෝධායනයට යොමුව ඇති අතර යුසුෆ් විසින් ඉල්ලීමක් කරමින් පවසා තිබුණේ තමන්ව ඇසුරු කළ පුද්ගලයින්ද වහාම පරික්ෂණ සඳහා යොමුවන ලෙසයි

පසුගිය මාර්තු 21 වැනිදා ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර  රෝඩ් සේව්ටි වර්ල්ඩ් සීරිස් තරඟාවලියේ අවසන් තරගය පැවැත්වුණු අතර එහිදී ඉන්දීය කණ්ඩායම ශූරතාවය හිමි කරගත්තේය.

මෙම අවසන් තරඟාවලියෙන් සතියකට ආසන්න කාලයක් තුළදී මෙලෙස ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනෙකුම කොරෝනා වෛරස් ආසාදනය සඳහා ධනාත්මක වී තිබේ.

යුසුෆ් තැබූ ට්විටර් සටහන පහතින්,

Rate this item
(0 votes)