April 25, 2024

"පැතුම් නිශ්ශංකව තව කුසල් මෙන්ඩිස් කෙනෙක් කරන්න එපා" - පුහුණුකරු කියන කතාව

ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්තා පොත් අතරට එක් වූ නවක නාමය වන පැතුම් නිශ්ශංකව “තවත් කුසල් මෙන්ඩිස් කෙනෙක් කරන්න එපා” යැයි පැතුම්ගේ ක්‍රිකට් පුහුණුකරු වන සුනිල් කළුවටන මහතා ප්‍රකාශ කරයි.

එහිදී ඔහු සඳහන් කළේ “අර කුසල් මෙන්ඩිස් වගේ ප්ලේයර් කෙනෙකුට කරා වගේ, දිනනකොට බනින්නේ නැතුව ඉන්නයි, පරාද වෙන කොට බනින්නයි නැතුව මම ඉල්ලලා කියන්නේ හැම කෙනෙක්ගෙන්ම හැම ප්‍රේක්ෂකයෙක්ගෙන්ම පැතුම්ගේ ඉනිම පැතුම්ට ගහන්න දෙන්න..පැතුම් හොඳ ඉහළ තලයකට යාවි..” ලෙසනි.

තවමත් 22 හැවිරිදි වියේ පසුවන පැතුම් නිශ්ශංක පළමුවරට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සඳහා සුදුසුකම් ලබාගන්නේ මේ දිනවල පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරඟාවලිය අතරදීය.

මෙරට ඉහළ පළමු පෙළ ලකුණු සාමාන්‍ය රඳවා ගෙන ඇති පැතුම් නිශ්ශංක විසින් සිය මංගල ටෙස්ට් ක්‍රිකට් ශතකය ලබා ගන්නේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේදී සිය පළමු තරඟයේම ශතකයක් ලබාගත් ක්‍රීඩකයන් අතර සිය නම සටහන් කරගනිමිනි.

මීට පෙර එම දක්ෂතාවය දක්වා තිබුණේ මෙරට බිහි වූ විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් වන බ්‍රෙන්ඩන් කුරුප්පු, රෝමේෂ් කළුවිතාරණ සහ තිලාන් සමරවීර යන ක්‍රීඩකයන් පමණි. 

Rate this item
(1 Vote)