April 25, 2024

ඩිල්ෂාන්ට හදිසි MRI පරික්ෂණයක් (VIDEO)

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායකත්වය දැරූ ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් හට හදිසි MRI පරික්ෂණයක් සිදු කර තිබේ.

පසුගිය 21 වැනිදා නිමාවට පත් වූ  “රෝඩ් සේව්ටි වර්ල්ඩ් සිරීස් (Road Safety World Series)”  තරඟාවලියේ දී ඩිල්ෂාන් ආබාධයකට ලක් වූ අතර ඔහු ක්‍රිඩා කළේ වේදනා නාශක එන්නත් ලබාගෙනය.

කෙසේ වෙතත් ඩිල්ෂාන් තරඟාවලිය නිමා වීමෙන් පසුව මෙම MRI පරික්ෂණය වෙත මුහුණ දී තිබේ.

ලෝක ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත් ක්‍රිකට් ක්‍රීඩකයන් සමඟ පැවැති රෝඩ් සේව්ටි වර්ල්ඩ් සිරීස් තරඟාවලියේ දී ඩිල්ෂාන් විශිෂ්ට දක්ෂතා දැක්වීමට සමත් වූ අතර තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා බවටද පත්විය.

ඩිල්ෂාන් හට MRI පරික්ෂණය කරන ආකාරය වීඩියෝ,

Rate this item
(0 votes)