අසියානු ක්රිකට් කුසලාන තරඟාවලිය නැවත වරක් කල් යෑමට ඉඩ ඇති බවට ක්රීඩා ආරංචි මාර්ග ප්රකාශ කර තිබේ.
පසුගිය වසරේ දී එය පැවැත්වීමට නියමිත තිබුණත් කොරෝනා වෛරස් තත්ත්වය නිසා එය මෙම වසර දක්වා කල් දැමීමට තීරණය කළේය.ෙ
පාකිස්ථානය මෙවර සත්කාරකත්වය දැරීමට තිබුණත් පසුව ඔවුන් එය ශ්රී ලංකාව වෙත ලබා දුන්නේයෙ
ඒ අනුව ආසියානු කුසලාන තරඟාවලිය ජූනි මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබුණි
ඉන්දීයාව මෙවර ටෙස්ට් ලෝක කුසලානයට මූලික අවධානය ලබාදෙමින් අසියානු කුසාලන තරඟාවලියෙන් ඉවත් වූ අතර ඒ වෙනුවට ඔවුන් විසින් නවසීලන්ත ක්රිකට් සංචාරය ඇතුළු තවත් තරඟාවලි කිහිපයක් සඳහා අවධානය යොමු කර තිබේ.
පාකිස්ථාන ක්රිකට් බලධාරීන් විසින් පවසා ඇත්තේ මෙම වසරේ දී ආසියානු කුසලාන තරඟාවලිය පැවැත්වීම සඳහා ඇත්තේ සීමිත ඉඩකඩක් බවයි. බොහෝ විට එය 2023 වසර දක්වා කල් යෑමට ඉඩ ඇති බවද ඔවුන් පවසා සිටියි.
මෙම කල් දැමීමට සහභාගී වන කණ්ඩායම්වල කරුණු ද සලකා බැලීමෙන් පසුව ගත් තීරණයක් බවටද වාර්තා වෙයි.
2023 වසරේ දී අන්තර්ජාතික එක්දින ක්රිකට් ලෝක කුසලාන තරඟාවලිය පැවැත්වීමට නියමිතව තිබේ.