April 25, 2024

චමින්ද වාස් නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් වේග පන්දු පුහුණුකරු ලෙස එක්වෙයි?

ශ්‍රී ලංකා හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් හී වේග පන්දු යවන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට අපේක්ෂා සිටින බවට ජාතික පුවත්පතක් වාර්තා කර තිබේ.

මීට පෙර වේග පන්දු යවන පුහුණුකරු ලෙස චමින්ද වාස් එක්ව සිටියත් වැටුප් ආරවුලක් හේතුවෙන් පසුගිය මාසයේ අගභාගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් බලා පිටත්ව යාමට පෙර වාස් ඉල්ලා අස්විය.

 ශ්‍රී ලංකාවේ හිටපු වේග පන්දු යැවීමේ පුහුණුකරු ඩේවිඩ් සකර් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව චමින්ද වාස් ව එම තනතුර සඳහා බඳවා ගත්තේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය සතියේ දී චම්න්ද වාස් සමඟ සුහද සාකච්ඡා පවත්වා ඇති බවත් මෙහිදී නැවත ශ්‍රී ලංකා ක්‍රිකට් හී වේග පන්දු යවන පුහුණුකරු ලෙස චමින්ද වාස් එක්වීමට කැමැත්ත පළ කර ඇති බවට එම පුවත්පත වාර්තා කර තිබේ.




Rate this item
(0 votes)