April 18, 2024

නොවැක් විසින් රොජර්ගේ වාර්තාව බිඳ හෙළයි

රොජර් ෆෙඩරර් විසින් වැඩිම කාලයක් ලෝක ටෙනිස් ශූරතා සටහනේ ප්‍රථමයා වෙමින් තබා තිබූ වාර්තාව බිඳ හෙළීමට නොවාක් ජොකොවිච් සමත්ව තිබේ.

මීට පෙර රොජර් විසින් සති 310ක පමණ කාලයක් ලෝකයේ අංක එකේ ටෙනිස් ශූරයා බවට තබා තිබූ වාර්තා මෙලෙස නොවැක් විසින් බිඳ හෙලා තිබේ.

ඒ අනුව නොවාක් ජොකොවිච් විසින් සති 311ක කාලයක් ලෝකයේ අංක එකේ ටෙනිස් ශූරයා ලෙස පත්ව සිටියි.

33 හැවිරිදි නොවාක් ජොකොවිච් 2011 දී ලොව අංක එකේ ක්‍රීඩකයා ලෙස ප්‍රථමවරට තේරී පත්වන අතර ටෙනිස් ක්‍රීඩා ඉතිහාසයේ විශිෂ්ටතම ක්‍රීඩකයෙකු ලෙස කැපී පෙනෙන වෘත්තීය ජීවිතයක් ගොඩ නඟා ගන්න ඔහු සමත් වන්නේ  ග්‍රෑන්ඩ් ස්ලෑම් ජයග්‍රහණ 18 ක්ද දිනා ගනිමිනි.

Rate this item
(0 votes)