April 24, 2024

එංගලන්ත කාන්තා T20 ක්‍රිකට් කණ්ඩායම අපරාජිතව අඛණ්ඩව තරඟ 11ක් දිනයි

එංගලන්ත කාන්තා T20 ක්‍රිකට් කණ්ඩායම පිට පිට ලැබූ 11 වෙනි ජයග්‍රහණයත් හිමි කර ගැනීමට ඊයේ (07) දිනයේ දී සමත් විය.

ඒ නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැති T20 තරඟාවලිය 3-0ක් ලෙස ජයග්‍රහණය කිරීමත් සමඟයි.

අවසන් තරගයේ දී එංගලන්ත කාන්තා කණ්ඩායම සිය ඉනිම සඳහා පන්දුවාර 20 තුළ ලකුණු 129ක් රැස් කරගත් අතර නවසීලන්ත කාන්තා කණ්ඩායමට රැස් කරගැනීමට හැකි වුණේ ලකුණු 96ක් පමණයි.

ඒ අනුව ලකුණු 32ක ජයක් එංගලන්ත කාන්තා කණ්ඩායමට හිමි විය.

Rate this item
(0 votes)