March 29, 2024

22 වෙනි ගුවන් හමුදා පාපැදි සවාරිය ජයග්‍රාහීව අවසන් වෙයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් 22 වෙනි වරට පවත්වනු ලැබූ පාපැදි සවාරියේ අද (07) දිනයේ ආරම්භ විය.

මෙවර පාපැදි සවාරිය අංශ දෙකක් යටතේ ආරම්භ විය.

ඒ අනුව කිලෝමීටර් 147කින් යුක්ත පිරිමි අංශයේ පාපැදි තරඟය කොළඹින් ආරම්භ වී කුලියාපිටිය හරහා කටුනායක දක්වා ඇත.

කාන්තා අංශයේ තරඟය කිලෝ මීටර් 78ක දුරකින් යුක්ත වන අතර එය පන්නල හරහා මීගමුව, කටුනායක දක්වා ක්‍රියාත්මකයි.

පිරිමි අංශයේ ප්‍රථම ස්ථානය හිමි කර ගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සොනාල් ද සිල්වා සමත්ව තිබේ. එහි දෙවන ස්ථානය වරාය අධිකාරියේම චමෝද් ද සිල්වා හටත් තෙවන ස්ථානය ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රභාෂ් මධුසංකටත් හිමිව තිබේ.

කාන්තා අංශයේ ප්‍රථම ස්ථානය හිමි කර ගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ උදේශානි නිරංජනි සමත්ව ඇති අතර දෙවන ස්ථානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පංචාලි සුලෝචනා හටත්, තෙවන ස්ථානය දිනේෂා දිල්රුක්ෂි හටත් හිමිව තිබේ.

මෙවර 22 වෙනි ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරිය පවත්වනු ලැබුවේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වෙනි සංවත්සරයට සමගාමීවයි.

Rate this item
(0 votes)
Last modified on Sunday, 07 March 2021 14:13