April 25, 2024

දසුන් ශානකගේ වීසා ගැටලුව විසඳෙයි - බටහිර කොදෙව් දූපත් බලා පිටත්ව යයි

ශ්‍රී ලංකා T20 කණ්ඩායමේ නායකත්වය හිමි වූ දසුන් ශානකගේ ගුවන් ගමන් බලපත්‍රය නැති වීම නිසා ඔහුට ශ්‍රී ලංකාව සහ බටහිර කොදෙව් කණ්ඩායම අතර තරඟ සංචාරයට සහභාගී වීමට හැකියාවක් නොලැබුණි.

ඒ නිසාම ඔහුට ශ්‍රී ලංකාව සහ බටහිර කොදෙව්වන් අතර පළමු විස්සයි විස්ස තරගය ද අහිමි විය.

නමුත් දසුන්ගේ එම ගැටලුව විසඳී ඇති අතර ඔහුට නැවත බටහිර කොදෙව් දූපත් බලා යෑමට අවස්ථාව ලැබී තිබේ.

ශ්‍රී ලංකාව සහ බටහිර කොදෙව්වන් අතර පැවැති පළමු ටී20 තරගය තියුණු තරගයකින් අනතුරුව ජයග්‍රහණය බටහිර කොදෙව්වන්ට හිමි විය.

ඒ අනුව දසුන් විසින් ප්‍රංශය වෙත ගොස් එතැනින් බටහිර කොදෙව් දූපත් බලා පිටත්ව යෑමට නියමිතය.

Rate this item
(0 votes)