April 20, 2024

අකිලගේ 3ට පොලාඩ්ගෙන් 6ක්

අදින් ආරම්භ කෙරුණු බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්රී ලංකාව අතර ක්රිකට් තරඟ සංචාරය අරඹමින් පැවති පළමු 20-20 තරඟයෙන් කොදෙව්වන්ට කඩුලු 4 ක ජයක් හිමි විය.

මෙම තරඟයේ කොදෙවු ඉනිමේ හතරවන පන්දු වාරය ක්රියාත්මක කළ අකිල ධනංජය කඩුලු ත්රිත්වයක් ලබා ගැනීමට සමත් විය.

ඔහු මෙම දස්කම් දැක්වූවේ ජාත්‍යන්තර 20 -20 තරඟයකදී එම දස්කම දැක්වූ තුන්වන ශ්රී ලාංකික පන්දු යවන්නා බවට පත් වෙමිණි.

ඔහුගේ කඩුලු ත්රිත්වයට ගොදුරු වූයේ එවින් ලුවිස්, ක්රිස් ගේල් සහ නිකලස් පූරන් ගේ කඩුලු දවා ගනිමින් වීම විශේෂත්වයකි.

නමුත් අකිලගේ ඊලඟ පන්දු වාරයට අනුකම්පා විරහිත ප්රහාරයක් එල්ල කළ කිරන් පොලාඩ් දැවැන්ත හයේ පහර හයක් එල්ල කළේ ශ්රී ලාංකීය ප්රේක්ෂකයින්ගේ පැතුම් බොඳ කරමිණි.

පොලාඩ් මේ දස්කම දැක්වුයේ එවැනි දස්කමක් දැක්වූ ලොව තුන්වන ක්රීඩකයා බවට පත් වෙමිනි.

මීට පෙර හර්ශල් ගිබ්ස් සහ යුවරාජ් සිං මීට පෙර එම දක්ශතාවය දක්වා ඇත.

Rate this item
(0 votes)