April 18, 2024

නොවේජියානු ස්කී ශූරියට තරගයක් අතර හදිසි අනතුරක් - කකුලක් කැඩී යයි (VIDEO)

නොර්වේජියානු ස්කී ශූරියක් වන කජ්සා වික්හෝෆ් ලයි තරගයක් අතර දැඩි අනතුරකට මුහුණ දී තිබේ. 

22 හැවිරිදි වියේ පසුවන කජ්සා තරගය සඳහා හිම මත ලිස්සා යමින් සිටින අවස්ථාවේ ඇයගේ පාලනය ගිලිහී යන අතර ඇය විසි වී ගොස් අසළ තිබූ ආරක්ෂිත වැටේ වැදී යන ආකාරය වීඩියෝ දර්ශනවල පටිගතව තිබුණි.

මෙහිදී ඇයගේ වම් පාදය ආරක්ෂිත ආවරණයේ පැටලෙන අතර එම පාදයේ අස්ථි බිඳී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

අනතුර සිදුවූ අවස්ථාවේ ඇය වේදනාවෙන් කෑගසන ආකාරයද මෙම දර්ශනවල පටිගතව තිබුණි.

හිම සහිත ධාවන පථය වෙත වාහන ගෙන ඒමට නොහැකි වීම හේතුවෙන් තරගය විනාඩි 30කට කජ්සාව ගුවන් මඟින් රෝහල් ගත කිරීමටද තරඟ නිලධාරීන් කටයුතු කර තිබේ.

මෙය මෙම ස්ථානයේම සිදු වු දෙවන අනතුරට බවටද වාර්තා වෙයි.

කජ්සා වික්හෝෆ් ලයි අනතුරට පත්වන අවස්ථාවේ වීඩියෝ දර්ශන පහතින්,

Rate this item
(0 votes)