ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන සුරාජ් රන්දිව්, චින්තක ජයසිංහ සහ සිම්බාබ්වේ කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන වොඩිංටන් මුවෙන්ගා ද ඕස්ට්‍රේලියාවේ මල්බර්න් නුවර බස් රථ රියදුරන් ලෙස සේවයේ නිරත වන බව වාර්තා වෙයි.
ඔවුන් මෙලෙස සේවය කරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පාදක කරගෙන ක්‍රියාත්මක වන ප්‍රංශ ප්‍රවාහන සමාගමක් වන “Transdev (ට්‍රාන්ස්දේව්)” නම් සමාගමේ ය.
මෙම ප්‍රවාහන සමාගමේ සේවකයින් 1200ක් පමණ සේවය කරන අතර නුදුරු අනාගතයේ දීම ඔවුන් නිර්මාණය කරනු ඇතැයි අපේක්ෂා කරනු ලබන ක්‍රිකට් කණ්ඩායම සමඟ මෙම ක්‍රීඩකයන් තිදෙනාටම එක්වීමට හැකි වනු ඇතැයි ද සඳහන් වෙයි.
ඔවුන් මේ වන විටත් ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් පුහුණු කිරීම සඳහා පුහුණු තණතිල්ලේ පන්දු යවන්නන් ලෙසද සේවය කරනු ලබයි.
සුරාජ් මේ වන විටත් ඕස්ට්‍රේලියාවේ ඩැන්ඩෙනොං ක්‍රිකට් සමාජය සමඟ එක්ව ඇති අතර එම ක්‍රිකට් සමාජයේ ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායම නියෝජනය කරනු ලබන ජේම්ස් පැටින්සන්, පීටර් සිඩ්ල් සහ ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම නියෝජනය කරනු ලබන සාරා එලියට් ද ක්‍රීඩා කරනු ලබයි.
මොවුන් ඉහළ පෙළේ ක්‍රිකට් ක්‍රීඩා තරඟවල නිරත වූ ක්‍රීඩකයන් වූවත් ඔවුන්ගේ බස් රථ රියදුරන් ලෙස සේවය කිරීම සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ කතාබහන් නිර්මාණය කිරීමට සමත්ව තිබේ.
නමුත් බොහෝ පිරිසක් පවසන්නේ ඕස්ට්‍රේලියාව තුළ ඉහළ ආදායමක් උපයා ගැනීමට හැකි මෙන්ම ගෞරවාන්විත රැකියාවක් ලෙස බස් රථ රියදුරු වෘත්තිය හඳුන්වා දිය හැකි බවයි.
සුරාජ් රන්දිව් පුහුණු තණතිල්ලේ පන්දු යවන ආකාරය වීඩියෝව පහතින්,