March 28, 2024

ලංකාවේ අය “තාත්තාගේ පුංචි හුරතලා” කියා විහිළු කළ අසාම් ඛාන් පිටියෙන් එළියට ගැසූ දැවැන්තම 6 පහර මෙන්න (VIDEO)

February 28, 2021

පසුගිය වසරේ පැවැති ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීම සඳහා පාකිස්ථානය නියෝජනය කරමින් පැමිණි අසාම් ඛාන් පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් බොහෝ හාස්‍ය ජනක කතා නිර්මාණය කළ අතර තවත් පිරිසක් ඔහුට පෞද්ගලිකවම අපහාස කිරීමටත් කටයුතු කර තිබුණි.

කෙසේ වෙතත් ඔහු වෙතින් ප්‍රබල ප්‍රහාරාත්මක පිතිකරුවෙකුගේ ලක්ෂණ තිබූ අතර ඔහු එය මේ වසරේ පැවැත්වෙන පාකිස්ථාන සුපර් ලීග් තරඟාවලියේ දී ඔප්පු කර තිබේ.

අසාම් විසින් එම තරඟාවලියේ මෙතෙක් එල්ල කළ දැවැන්තම 06 පහර එල්ල කිරීමට මේ වන විට සමත්ව තිබේ. ඒ මීටර් 98ක වාර්තාවක් සමඟයි.

විශේෂත්වය වන්නේ ඔහු ඒ පහර එල්ල කරන්නේ කිසිදු පාද චලනයක් හෝ නොමැතිව කඩුල්ලේ රැඳී සිටිමිනි.

ඔහු මෙම පහර එල්ල කරන්නේ පාකිස්ථාන සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක වහබ් රියාස්ගේ පන්දුවකටයි.

එම අවස්ථාවේ වීඩියෝව පහතින්,

Rate this item
(3 votes)
Last modified on Sunday, 28 February 2021 17:54