March 28, 2024

ලෝ ප්‍රකට ගෝල්ෆ් ලෝක ශූරයා ටයිගර් වූඩ් රිය අනතුරකට ලක් වෙයි

February 24, 2021

ලෝක ගෝල්ෆ් ශූරයාව සිටි ටයිගර් වුඩ් දරුණු රිය අනතුරකට ලක්ව ඇති බවත් ඔහු තුවාල ලබා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අනතුර සිදුවන අවස්ථාවේ ඔහු විසින් වාහනය පදවාගෙන ගොස් ඇති අතර රිය අනතුරින් පසුව ඔහු වාහනය තුළ සිරවී සිට ඇත.

ජීවිත ගලවා ගැනීමේ අංශ විසින් වාහනය කපා ඔහුව ඉවතට ගෙන තිබූ අතර ඔහුගේ දෙපාවලට හානි වී තිබූ බව සඳහන් වෙයි.

ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වන අතර ආරක්ෂක අංශ සඳහන් කර සිටියේ ඔහු බීමත්ව සිටි බවට හෝ වෙනත් මත්ද්‍රව්‍ය ලබාගෙන සිටි බවට සාක්ෂි හමු නොවී ඇති බවයි.

මෙම අනතුර සිදු වූ ලොස්ඇන්ජලිස් නුවර රෝලිං හිල්ස් වතුයාය සහ රන්චෝ පැලෝස් වර්ඩ්ස් අතර මාර්ගය නිතර රිය අනතුරු සිදුවන ස්ථානයක් බවටද ආරක්ෂ අංශ විසින් සඳහන් කර තිබුණි.

Rate this item
(0 votes)